දුම්රිය බෝම්බයෙන් කාන්තාවක් මරුට

   මැතිවරණය පැවැත්වෙන බැවින් ඉන්දියාව පුරා ආරක්ෂාව තර කොට ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණය පැවැත්වෙන බැවින් ඉන්දියාව පුරා ආරක්ෂාව තර කොට ඇති බවයි පැවසෙන්නේ
Published

දකුණු ඉන්දියාවේ චෙන්නායි හි දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් එක් කාන්තාවක් මියගොස් අවම වශයෙන් තවත් නව දෙනෙකුට තුවාල සිදු වූ බව චෙන්නායි හි බලධාරීහු පවසති.

දුම්රිය චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණීමෙන් මිනිත්තු කීපයකට පසුවයි නිදන මැදිරි දෙකක බෝම්බ පිපිරීම් දෙකක් සිදු වී ඇත්තේ.

පිපිරී ගිය එක් බෝම්බයක් තිබී ඇත්තේ මිය ගිය කාන්තාව අසුන් ගෙන සිටි අසුන යට බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසුවේ.

මෙම දුම්රිය බැංගලෝරයේ සිට ඊසාන දිග ඉන්දියාවේ ගුවහති දක්වා ගමන් කරමින් තිබූ බැවින් මෙය චෙන්නායි දුම්රිය ස්ථානය ඉලක්ක කළ ප්‍රහාරයක් නො විය හැකි බවයි පොලීසිය පවසන්නේ.

මේ වන විට ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වෙමින් ඇති බැවින් රට පුරා ආරක්ෂාව තර කොට ඇති බවයි පැවසෙන්නේ.