රොබෝ සබ්මැරීනයෙන් පැහැදිලි දර්ශණ

වර්ග කිලෝ මීටර අනූවක් පමණ වූ මුහුදු පතුල පරීක්ෂා කර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ග කිලෝ මීටර අනූවක් පමණ වූ මුහුදු පතුල පරීක්ෂා කර තිබේ
Published

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සොයා ගැනීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනය යොදා ගැනීමට දැරූ තුන්වැනි උත්සාහය සාර්ථක වී තිබේ.

කාර්මික දෝෂ මතු වීම නිසා මීට පෙර දැරූ උත්සාහයන් දෙකම අසාර්ථක විය.

මෙම රොබෝ සබ්මැරීනය මේ වන විට සෝදිසි මෙහෙයුම් සීමා කර ඇති ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර අනූවක් පමණ වූ මුහුදු පතුල පරීක්ෂා කර තිබේ.

කාර්මික දෝෂ මතු වීම නිසා මීට පෙර දැරූ උත්සාහයන් දෙකම අසාර්ථකයි

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, කාර්මික දෝෂ මතු වීම නිසා මීට පෙර දැරූ උත්සාහයන් දෙකම අසාර්ථකයි

නමුත් මේ වන තෙක් සැලකිය යුතු හෝඩුවාවක් දැන ගන්නට ලැබී නැති බවයි මැලේසියානු ගමනාගමන ඇමති හිෂමුද්දීන් හුසේන් කියා සිටියේ.

රොබෝ සබ්මැරීනය මුහුදු පතුලේ පැහැදිලි දර්ශන ලබා දී ඇති නිසා ඉදිරි නිරීක්ෂණ කටයුතු පිළිබඳව බලාපොරොත්තු සහගත විය හැකි බව ඔහු තව දුරටත් කියා සිටියේය.

බ්ලුෆින් 21 නමැති කුඩා ප්‍රමාණයේ මෙම සබ්මැරීනයට සාගරයේ අඩි පහළොස් දහසක් ගැඹුරට ගමන් කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඉන්දීය සාගරයේ නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන කලාපයේ තිබුණු තෙල් පැල්ලමෙන් ලබා ගත් සාම්පලය පරීක්ෂා කර ඇති නමුත් එය අතුරුදහන් වූ යානයෙන් පිට වූ තෙල් නොවන බවට තහවුරු කර තිබේ.

රොබෝ සබ්මැරීනය මුහුදු පතුලේ පැහැදිලි දර්ශන ලබා දී ඇත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රොබෝ සබ්මැරීනය මුහුදු පතුලේ පැහැදිලි දර්ශන ලබා දී ඇත