එලිසබත් රැජින පොදු රාජ්‍ය මණ්ඩලය අගය කරයි
Published
එක්සත් රාජධානියත් පොදුරාජ්‍ය මණ්ඩලයත් වෙනුවෙන් රූපවාහිනියෙන් විකාශනය කැරුණු නත්තල් පණිවුඩයකින් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින සියළු දෙනාගෙන් ම ඉල්ලා සිටියේ මදක් නැවතී සේවය හා යුතුකම පිලිබඳ සිතා බලන ලෙසයි.
ඇගේ මෞලි මංගල්‍යයෙන් හැට වසරක් සමරද්දී සිහසුනේ සිටි කාලය පිළිබඳව නැවත හිතා බලන්නට ඉඩ සැලසුණු බවයි ඇය පවසන්නේ.
අනාගතය දෙස බලන බවත් ඇය ප්‍රකාශ කළා ය.
එංගලන්ත සභාවේ ප්‍රධානී ජස්ටින් වෙල්බි කැන්ටබරියේ අගරදගුරු තුමා කැන්ටබරි ආසන දෙව් මැදුරේ <link type="page"><caption> තමන්ගේ පළමු නත්තල් අනුශාසනාව</caption><url href="http://www.bbc.co.uk/news/uk-25514933" platform="highweb"/></link> පවත්වමින් කතා කළේ යුද කලාප වල වාසය කරන ක්‍රිස්තියානි ප්‍රජාව මුහුණ පා සිටින අයුක්තිය පිළිබඳව යි.