නොබෙල් සාම තෑග්ග හොරු අරන්
Published
උතුරු දිග එංගලන්තයේ ගොඩනැගිල්ලකට කඩා වැදුනු සොරුන් විසින් නොබෙල් සාම සම්මානයක් පැහැර ගෙන ගොස් තිබේ.
හිටපු ලේබර් පක්ෂ නායක ආතර් හෙන්ඩර්සන් ට මේ සාම සම්මානය 1934 දී තිලිණ කැරුණේ ජාත්‍යන්තර නිරවිකරණය වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයා.
පදක්කම හොරා ගෙන ගොස් තිබුනේ හිටපු ලේබර් නායකයා සිය ජීවිතයෙන් වැඩි කලක් ගත කළ නිව්කාසල්හි නගරාධිපති වරයාගේ නිල මන්දිරයෙන්.
























