ඔලිම්පික් ආරක්ෂක වැඩපිළිවෙලට මහජන විරෝධය

Olympic stadium

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානා නාශක මිසයිල ඇටවීම සඳහා තට්ටු නිවාස හයක වහලවල් යොදා ගැනීමට පොලීසිය සැලසුම් කරයි
Published

ලන්ඩන් නගරයේ ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන කාලය තුළ තම තට්ටු නිවාසයේ වහල මිසයිල් ඇටවීමට යොදා ගනු ලැබීමට එරෙහිව නැගෙනහිර ලන්ඩනයේ නිවැසියන් පිරිසක් මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා දිනවල ආරක්ෂාව සැලසීමේ පියවරක් වශයෙන් ගුවන් යානා නාශක මිසයිල ඇටවීම සඳහා එවැනි තට්ටු නිවාස හයක වහලවල් යොදා ගැනීමටයි, පොලීසිය සැලසුම් කරන්නේ.

එම සැලැස්ම සම්බන්ධයෙන් පොලිසිය තමන් සමග විධිමත් සාකච්ඡාවක් නොකළ බවයි, නඩුකරය ඉදිරිපත් කර ඇති නිවැසියන් උසාවිය ඉදිරියේ කියා සිටින්නේ.

මේ සැලැස්ම නිසා එම තට්ට්ටු නිවාසයත් ප්‍රහාරයක ගොදුරක් බවට පත් වීමේ අනතුරක් තිබෙන බව ඔවුන්ගේ නීතිවේදියා උසාවිය ඉදිරියේ පෙන්වා දුන්නේය.