ඇෆ්ගනිස්ථානය : ආර්ථික අර්බුදයේ බර උසුලන ඇෆ්ගනිස්ථාන දරුවෝ
Published
2021 දී තාලිබාන් සංවිධානය නැවත බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානය දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණපා තිබේ. ආධාර දුන් රටවල් සහ සංවිධාන එම සහයෝගයන් අත්හිටුවා ඇත.
ඇෆ්ගනිස්ථානය සඳහා පත්කර සිටින එක්සත් ජාතීන්ගේ නව මානුෂීය සම්බන්ධීකාරකවරයා අනතුරු අඟවා තිබෙන්නේ විශාල අරමුදල් හිඟය හමුවේ එරට සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට සහ පුළුල්ව පැතිරුණු සාගතයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. ආර්ථික දුෂ්කරතාවල බර ඇෆ්ගනිස්ථානයේ තරුණ ජීවිත මත පැටවී තිබේ.

