බිලියන 1.4ක යෞවනයින් සිය ශ්‍රවණ හැකියාව අවදානමේ හෙළන්නේ මෙහෙම යි

වීඩියෝ ශීර්ෂ වැකිය, බිලියන 1.4ක යෞවනයින් සිය ශ්‍රවණ හැකියාව අවදානමේ හෙළන්නේ මෙහෙම යි
Published

සයිමන් බේකර් වසර 15කට වැඩි කලක් DJ කෙනෙකු ලෙස කටයුතු කළ අතර බරපතල ශ්‍රවණාබාධයකට ලක්විය.

"මට කාලයේ ආපස්සට යන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මම තේරුම්ගන්නවා, සින්දු අහන්න නම් මහා සද්දෙන් දාගන්න ඕනේ නෑ කියලා," ඔහු බීබීසීය වෙත පැවසීය.

නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ අනාරක්ෂිත සවන්දීමේ පුරුදු නිසා බිලියන 1.4කට වැඩි යෞවනයින් පිරිසක් ශ්‍රවණාබාධ ඇතිවීමේ අවදානමට ලක්ව සිටිනබව යි.

නමුත්, බිහිරි පුද්ගලයින් පිළිබඳ රාජකීය ජාතික ආයතනයේ ශ්‍රව්‍ය විද්‍යා උපදේශිකා ෆ්‍රැන්කි ඔලිවර් පවසන්නේ, සවන්දීමෙන් සතුට ලබන අතරම ඔබේ දෙකන් ආරක්ෂාකර ගැනීමට උපක්‍රම ඇති බවකි.