COP27: එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව ගැන ඔබ කොපමණ දැනුවත් ද?

    • Author, ස්වාති ජෝෂි
    • Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
  • Published

ඉන්දියාවේ නොනවතින වර්ෂාපතනයේ සිට යුරෝපය පුරා පැතිර ඇති උණුසුම් තරංගයන් දක්වා ද, පාකිස්ථානයේ විනාශකාරී ගංවතුරේ සිට බ්‍රසීලයේ දැඩි නියඟය දක්වා ද ලෝකය දේශගුණ විපර්යාස නිසා ඇතිවන ව්‍යසන රාශියකට මුහුණ දී සිටියි. දේශගුණ විපර්යාස මැඬපැවැත්වීම සඳහා වන නවතම සැලසුම් සකච්ඡා කිරීමට ලෝක නායකයින් ඊජිප්තුවේ COP27 සමුළුවට රැස්ව සිටින අවස්ථාවේ, එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව ගැන ඔබ කොපමණ දුරට දැනුවත් ද යන්න සොයාබලමු.