මෝර්බි පාලම කඩා වැටීම : අපේක්ෂා බිඳ වැටුණු ගුජරාට් ශෝකාන්තය
Published
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ මගී පාලමක් කඩා වැටීමෙන් පසු දිවි බේරාගත් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් නතර කර තිබේ. ඒ, තවදුරටත් දිවි බේරාගත් පුද්ගලයන් සිටින බවට පැවති අපේක්ෂා බිඳ වැටීම හේතුවෙනි.
පසුගිය ඉරිදා (ඔක්: 30) පාලම කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් වැඩි පිරිසක් කාන්තාවන්, දරුවන් සහ මහලු පුද්ගලයන් බව නිලධාරීහු පවසති.
මෝර්බි දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ වසර 140ක් පැරණි මෙම පාලම නැවත විවෘත කළේ සතියකට පෙරය. පාලම කඩා වැටුණු අවස්ථාවේ දේශීය සංචාරකයින් විශාල පිරිසක් ඒ මත සිට ඇත.
