ජායාරූප : එක්සත් රාජධානිය පුරා පළවෙන ශෝකය

Published

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය හෙඹ වූ දෙවන එලිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟම, එක්සත් රාජධානිය පුරා රැජිනට ගෞරවය පුද කරමින් පුෂ්පෝහාර පැවැත්වෙමින් තිබේ.

People outside Buckingham Palace

ධජය අඬකුඹු කර ඇති බකිංහැම් මාලිගයට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටින්නේ රැජින ජීවත් වූ නිවසේ ඡායාරූප ගැනීමට සහ පුෂ්පෝහාර දැක්වීමට ය.

එළිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවතට බකිංහැම් මාලිගය අසලට පැමිණ ජනතාව ප්‍රතිචාර දක්වමින්.
ඡායාරූප ශීර්ෂ වැකිය, එළිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවතට බකිංහැම් මාලිගය අසලට පැමිණ ජනතාව ප්‍රතිචාර දක්වමින්.
People outside Buckingham Palace
People outside Buckingham Palace
People hold candles outside Buckingham Palace
බකිංහැම් මාලිගය දක්වා දිවෙන මාර්ගයේ ලන්ඩන් බ්ලැක් ටැක්සි රථ පෙළ.
ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගය දක්වා දිවෙන මාර්ගයේ ලන්ඩන් බ්ලැක් ටැක්සි රථ පෙළ.

අධිරාජ්‍යණියගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය මාලිගාවේ දොරටු අසළ ප්‍රදර්ශනය කර තිබේ.

A member of royal household staff posts a notice on the gates of the Buckingham Palace in London announcing the death of Queen Elizabeth I

බ්‍රහස්පතින්දා පස්වරුවේ බැල්මෝරල් මාලිගයේදී රැජින ඉතා සාමකාමීව අභාවප්‍රාප්ත වූ අතර, ඒ මොහොතේ පටන්, අයහපත් කාලගුණය ද නොතකා, මාලිගයේ ගේට්ටු අසළ පුෂ්පෝහාර දැක්වීමට පිරිස් කටයුතු කර තිබිණි.

A woman places flowers by an entrance to Balmoral Castle

වින්ඩ්සර් මාලිගය රැජිනගේ ප්‍රියතම නිවස ලෙස හැඳින්වුණු අතර, ප්‍රදේශවාසීන් ඇයව දුටුවේ ඔවුන්ගේ අසල්වැසියෙකු ලෙසටය.

Mourners gather laying flowers outside Windsor Castle
Members of the public leave flowers outside Windsor Castle

ලන්ඩන් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ වෙස්ට් හැම්ෂයර් යුනයිටඩ් සහ සහ FCSB අතර යුරෝපා සම්මන්ත්‍රණ ලීග් පාපන්දු තරඟයට පෙර මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

Players observe a minutes silence

ශෝකයට පත්වූවන් විසින් රැජිනට ගෞරව පිණිස ඇගේ තවත් නිවසක් වන එඩින්බරෝ හි හොලිරූඩ්හවුස් මාලිගයේද මල් තබා තිබුණි. එක මල් කළඹක තිබුණේ කුඩා පණිවිඩයකි.

A member of the public lays flowers at the gates of the Palace of Holyroodhouse in Edinburgh
Flowers
A Warden of the Palace of Holyroodhouse holds flowers

ලන්ඩනයේ පිකැඩ්ලි වටරවුමට ඉහළින් ඇති දැවැන්ත විද්‍යුත් දැන්වීම් පුවරුවේ රැජිනගේ රූපයක් ප්‍රදර්ශනය කර ඇති අතර එය ඒ අසලින් යන අයගේ අවධානය දැඩි ලෙස දිනාගනිමින් තිබේ.

පිකාඩිලි සර්කස් හි ප්‍රදර්ශනය කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ ඡායාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පිකාඩිලි සර්කස් හි ප්‍රදර්ශනය කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ ඡායාරූපයක්