දෙවන එලිසබෙත් රැජින මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි

Published

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය.

බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ අය ස්කොට්ලන්ත වතුයායේ වූ මාලිගයෙහි රැස් වූහ.

1952 දී සිංහාසනයට පැමිණි රැජින, ඇයගේ ධුරකාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් දුටුවාය.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, ශෝකයට පත් රටේ රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය පැවසුවේ, "රැජින අද පස්වරුවේ බැල්මොරල්හිදී සාමකාමීව මිය ගියාය" යනුවෙනි.

"රජු සහ බිසව අද සවස බැල්මොරල් හි රැඳී සිටින අතර හෙට නැවත ලන්ඩනයට පැමිණෙනු ඇත."

වෛද්‍යවරුන් රැජින වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමත සමග රැජිනගේ සියලුම දරුවන් ඇබර්ඩීන් අසල බැල්මොරල් වෙත ගමන් කළහ.ඇයගේ මුනුබුරන් වන විලියම් කුමරු සහ ඔහුගේ සොහොයුරා වන හැරී කුමරු එහි පැමිණ සිටියි.

රැජින විසින් අඟහරුවාදා පත් කරන ලද අගමැති ලිස් ට්‍රස් පැවසුවේ, "අපට අවශ්‍ය ස්ථාවරත්වය සහ ශක්තිය ලබා දුන්" නූතන බ්‍රිතාන්‍යය ගොඩනඟන ලද පර්වතය රාජකීයා බවයි.

නව රජු ගැන ඇය මෙසේ පැවසුවාය: "අපි ඔහුට අපගේ පක්ෂපාතිත්වය සහ භක්තිය පිරිනමමු, ඔහුගේ මව මෙතරම් කාලයක්, බොහෝ දෙනෙකුට, බොහෝ කාලයක් කැප කළාක් මෙන් ඔහුත් බොහෝ දෙනෙකු වෙනුවෙන් කැපකිරීම් කරයි."

"දෙවන එලිසබෙත් යුගය අවසන් වීමත් සමඟ, අපි අපේ ශ්‍රේෂ්ඨ රටේ විශිෂ්ට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ කරමු, හරියටම එතුමිය කැමති වූ පරිදි," යන්න අය පැවසුවේ "දෙවියන් වහන්සේ රජුව ආරක්ශාකරත්වා" යන වචන කියමිනි.

එංගලන්ත සභාවේ අධ්‍යාත්මික නායකයා වන කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි - ඔහුගේ "දැඩි ශෝකය" ප්‍රකාශ කළේය.

"රජු සහ රාජකීය පවුල වෙනුවෙන් යාච්ඤා කරනවා" යැයි ඔහු පැවසීය.

දෙවන එලිසබෙත් රැජින රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන කාලය, පශ්චාත් යුධ කප්පාදුව, අධිරාජ්‍යයේ සිට පොදුරාජ්‍ය මණ්ඩලයට සංක්‍රමණය වීම, සීතල යුද්ධයේ අවසානය සහ එක්සත් රාජධානිය යුරෝපා සංගමයට එකතු වීම සහ ඉන් ඉවත් වීම දක්වා විහිදී ගියේය.

ඇයගේ පාලන සමය 1874 දී උපත ලද වින්ස්ටන් චර්චිල්ගෙන් ආරම්භ වී, වසර 101 කට පසුව 1975 දී උපත ලැබූ මෙම සතිය මුලදී රැජින විසින් පත් කරන ලද ලිස් ට්‍රස් ඇතුළු අගමැතිවරුන් 15 දෙනෙකු දක්වා විහිදෙයි.

ඇය සිය පාලන කාලය පුරාවටම ඇයගේ අගමැති සමඟ සතිපතා හමුවක් පැවැත්වීය.

ලන්ඩනයේ බකිංහැම් මාලිගය අවට, රැජිනගේ තත්ත්වය පිළිබඳ දැනගැනීමට බලාපොරොත්තුවෙන් සිටි සමූහයා ඇගේ මරණය ගැන අසා හඬන්නට පටන් ගත්හ. එරට වේලාවෙන් 18:30 ට මාලිගාව මුදුනේ තිබූ යුනියන් කොඩිය අඩකුඹු කරන ලදී.

රැජිනගේ මරණයෙන් පසු, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කැතරින්, කේම්බ්‍රිජ් සහ කෝන්වෝල් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය බවට පත්විය.

රැජින,1926 අප්රේල් 21 වන දින ලන්ඩනයේ මේෆෙයාර් හි එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි වින්ඩ්සර් ලෙස උපත ලැබීය.

ඇය කිරීටයට පත් වනු ඇතැයි ඉතාමත් ස්වල්ප දෙනෙකු අපේක්ෂා කළා විය හැකිය, නමුත් 1936 දෙසැම්බර් මාසයේදී ඇගේ මාමා වන අටවන එඩ්වඩ්, දෙවරක් දික්කසාද වූ ඇමරිකානු කාන්තාවක වූ වොලිස් සිම්ප්සන් සමඟ විවාහ වීමට සීය සිංහාසනයෙන් ඉවත් විය.

වයස අවුරුදු 10 දී, ලිලිබෙට් ලෙස, පවුල තුළ හැඳින්වූ එලිසබෙත්, ඇගේ පියා හයවන ජෝර්ජ් රජු බවට පත් වීම හේතුවෙන් සිංහාසනයට උරුමක්කාරිය බවට පත්විය.වසර තුනක් ඇතුළත බ්‍රිතාන්‍යය නාසි ජර්මනිය සමඟ යුද්ධයක නිරත විය.යුද සමයේදී එලිසබෙත් සහ ඇගේ බාල සොහොයුරිය වන මාග්‍රට් කුමරිය කැනඩාවට යැවීමට කළ යෝජනා ඔවුන්ගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් වින්ඩ්සර් මාලිගයේ වැඩි කාලයක් ගත කළේය.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, එලිසබෙත් සහායක භෞමික සේවයේ මාස පහක් ගත කළ අතර එහිදී ඇය මූලික මෝටර් කාර්මික ශිල්පය සහ රියදුරු කුසලතා ඉගෙන ගත්තාය.

"විපත්තිය හමුවේ කණ්ඩායමක සාමාජිකයන් තුළ පවතින පොදු ආත්ම විශ්වාශය සහ උද්යෝගය මම තේරුම් ගැනීමට පටන් ගත්තා," ඇය පසුව සිහිපත් කළාය.

යුද්ධය පැවති සමයේ ඇය රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වන ඥාති සොහොයුරා වන ග්‍රීසියේ පිලිප් කුමරු සමඟ ලිපි හුවමාරු කර ගත්තාය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී විවාහ වූ අතර කුමරු එඩින්බරෝ ආදිපාද පදවිය ලබා ගත්තේය.

ඇය ඔහුව විස්තර කළේ "මා සමග රැඳී සිටි මගේ ශක්තිය" ලෙසයි. වසර 74 ක විවාහ දිවියක් ගතකල අතර, 2021 දී ඔහු මරණයට පත්වන විට ඔහුට වයස අවුරුදු 99 කි.

ඔවුන්ගේ පළමු පුත් චාල්ස් 1948 දී ද, පසුව ඈන් කුමරිය 1950 දී ද, ඇන්ඩෘ කුමරු 1960 දී ද, එඩ්වඩ් කුමරු 1964 දී ද උපත ලැබීය. ඔවුන් තම දෙමාපියන්ට මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් 12 දෙනෙකු ලබා දුන්හ.

පිලිප් ඇගේ පියා මියගිය බව ප්‍රකාශ කරන විට එලිසබෙත් කුමරිය 1952 දී කෙන්යාවේ සිටියේ රෝගාතුර වූ රජු නියෝජනය කරමින් ය. ඇය වහාම නව රැජින ලෙස ලන්ඩනයට පැමිණියාය.

ඇය පසුව සිහිපත් කළේ "ඒ සියල්ල ඉතා හදිසියේ භාර ගැනීමක් වුණත මට කළ හැකි හොඳම දෙ කරනවා."

වයස අවුරුදු 27 දී, එවක වාර්තාගත රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වූ මිලියන 20 කට අධික ඇස්තමේන්තු ගත ජනතාවක් ඉදිරියේ එලිසබෙත් 1953 ජූනි 2 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ඔටුනු පැළඳිය.

ඉදිරි දශක කිහිපය තුළ විශාල වෙනසක් සිදුවනු ඇත, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවසානය එතෙරදී සනිටුහන් වීමත් සහ 60 දශකය තුළ සිදුවූ දොලනයත් සමඟ ස්වදේශීය සමාජ සම්මතයන් අතුගා දමීය.

එලිසබෙත් මෙම වගකීම් අඩු යුගය සඳහා රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය කළේය, එහෙත් ජනතාව බැහැදැකීම, රාජකීය සංචාර සහ පොදු උත්සවවලට පැමිණීම හරහා මහජනතාව සමඟ සම්බන්ධ විය.

පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා ඇයගේ කැපවීම නිරන්තරයෙන් විය - ඇය අවම වශයෙන් එක් වරක්වත් සෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටකටම සංචාරය කළාය.

නමුත් පෞද්ගලික සහ පොදු වේදනාකාරී කාලපරිච්ඡේද තිබිණ.

1992 දී, රැජිනගේ පුද්ගලික නිවසක් මෙන්ම වැඩ කරන මාලිගාවක් වූ වින්ඩ්සර් මාලිගය ගින්නෙන් "අතිශයින් අවාසනාවන්ත" ලෙස විනාශ වූ අතර ඇගේ දරුවන් තිදෙනාගේ විවාහ බිඳ වැටුණි.

1997 දී පැරිසියේ රිය අනතුරකින් වේල්ස් හී කුමරිය ඩයනාගේ මරණයෙන් පසු, රැජින ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමට මැලිකමක් දැක්වීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය.

නූතන සමාජය තුළ රාජාණ්ඩුවේ අදාළත්වය පිළිබඳ ප්‍රශ්න මතු විය.

"කිසිදු ආයතනයක්... තම පක්ෂපාතිත්වය සහ සහයෝගය ලබා දෙන අයගේ පරීක්ෂාවෙන් නිදහස් වීමට බලාපොරොත්තු විය යුතු නැත, එසේ නොකරන අය ගැන සඳහන් නොකරන්න," ඇය සඳහන් කළාය.

21ක් හැවිරිදි කුමරියක ලෙස එලිසබෙත් තම ජීවිතය සේවයට කැප කරන බවට පොරොන්දු විය.

දශක ගණනාවකට පසු, 1977 දී ඇගේ රිදී ජුබිලිය අතරතුර, අයගේ ගමන් මග ආවර්ජනය කරමින්,ඇය ප්‍රකාශ කළේ: "තරුණ අත්දැකීම් නොමැතිකම කාලයේ සිදුකළ දෑ ගැන එහි එක වචනයක් ගැන වත් පසුතැවෙන්නේවත් ඉල්ලා අස්කර ගන්නේවත් නැත." යනුවෙනි.

ජුනි මාසයේ ඇගේ ප්ලැටිනම් ජුබිලිය සති අන්තයේ ජාතියට ස්තුතිය ප්‍රකාශකරමින් නුකුත් කළ ලිපියක් සේවය කිරීමට තමන් තුළ ඇති එම කැපවීම වසර 45 කට පසුව නැවතත් ප්‍රකාශ කෙරිය.

මෙම සන්ධිස්ථානය සමරනු ලැබුවේ රාජ්‍ය උත්සව සහ සියලු දේ බ්‍රිතාන්‍යකරණය කර වර්ණවත් උත්සවයක් මෙන්ම සජීවී වීදි සාද ද සමඟිනි.

රැජිනගේ සෞඛ්‍යය ඇයව සමහර සිදුවීම් වලින් වළක්වනු ලැබුවද, ඇය මෙසේ පැවසුවාය: "මගේ හදවත ඔබ සැම සමඟයි."

වෙළඳ සංකීර්ණයන් හීදී අයව දුටු විට අතිවිශාල ජනකායකගේ ඔල්වරසන් හඬින් ඇයවැ පිළිගත්තාය,ඇගේ පවුලේ පරම්පරා තුනක සාමාජිකයින් සමඟ ඇය බකිංහැම් මාලිගයේ බැල්කනියේ සිට අවසන්සංදර්ශනය සඳහා සහභාගී විය.

73 හැවිරිදි චාල්ස් රජු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14ක රාජ්‍ය නායකයා බවට පත්වේ.

ඔහු සහ ඔහුගේ බිරිඳ කැමිලා, ඔහුගේ සහෝදර සහෝදරියන් වන ඈන් කුමරිය සහ ඇන්ඩෘ සහ එඩ්වඩ් කුමරු සමඟ බැල්මොරල් හි සිටිති.

ඔවුන් සමඟ එඩ්වඩ්ගේ බිරිඳ වන සොෆී මෙන්ම විලියම් සහ හැරී කුමාරවරුද සිටිති.

විලියම්ගේ බිරිඳ, කැතරින්, ඔවුන්ගේ දරුවන් - ජෝර්ජ්, චාලට් සහ ලුවී සමඟ වින්ඩ්සර් හි නැවතී සිටියි. ඒ නව පාසලේ ඔවුන්ගේ පළමු සම්පූර්ණ දිනය වූ නිසාවෙනි.

රජ පවුල දැන් ශෝක කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත. ඉදිරි දිනවලදී ජාතික ජන ජීවිතය බොහෝ දුරට නතර වනු ඇත.

නිල කටයුතු අවලංගු කෙරෙන අතර රාජකීය නිවාසවල, රජයේ ගොඩනැගිලිවල, සන්නද්ධ හමුදා හරහා සහ එතෙර එක්සත් රාජධානියේ ගොඩනැගිලි වල එරට ධජය අඩකුඹු කරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැජිනට උපහාර පුද කර චාල්ස් රජුට දිවුරුම් දෙනු ඇත.

පල්ලියේ ඝංඨාර නාද කිරීම සහ ප්‍රාදේශීයව තුවක්කු ආචාර පුද කිරීම් කරන අතර ජාතික සංවිධාන සහ පුණ්‍යායතන සමරු සිදුවීම් සංවිධානය සහ ශෝක පොත් මුද්‍රණය වැනි ඔවුන්ගේ ගෞරවය දැක්වීමට මාර්ග සංවිධානය කරයි.

රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කෙරේ.

විදේශ නායකයින් රැජින වෙත උපහාර පුද කර ඇත. සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ "අඳුරුම දවස්වල" එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කළ ආකාරය එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් සිහිපත් කෙරීය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්: ඇය "කාරුණික හදවත් ඇති රැජිනක්" සහ "ප්‍රංශයේ මිතුරියක්" විය ලෙස හැඳිවීය.

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ, රැජින කැනේඩියානුවන්ගේ ජීවිතවල නියතයක් වූ අතර ඔහුගේ "ලෝකයේ ප්‍රියතම පුද්ගලයින්ගෙන්" කෙනෙකි යනුවෙන් පැවසීය.