රැජිණ දුටු ඇඳහිය නොහැකි වෙනස්කම්
Published
දෙවන එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වෙනත් කිසිම රජෙකුට හෝ රැජිණකට වඩා වැඩි කාලයක් එරට පාලනය කර ඇති අතර දීර්ඝතම කාලයක් රජ කිරුළ දරා සිටි ලොව තුන්වැන්නා බවට ද පත්වේ. ඇය සිය ප්ලැටිනම් ජුබිලිය සමරන මොහොතේ, රූපවාහිනියේ සොයා ගැනීමේ සිට වත්මන් සෞඛ්‍ය ආරක්ෂණය දක්වා මෙන්ම ජංගම දුරකථනය සොයා ගැනීමේ සිට අන්තර්ජාලයේ උපත දක්වා වූ ඇයගේ 70 වසරක පාලන කාලය තුළ සිදු වූ දැවැන්ත තාක්ෂණික දියුණුව පිළිබඳව අපි මෙසේ ආපසු හැරි බලමු.