අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුමක් ඇවිල යමින් ඇත්තේ ඇයි?
Published
මතභේදයට තුඩු දී තිබෙන භූමියෙන් ආර්මේනියානු හමුදා ඉවත් වෙන තුරු සටන් කරන බවට අසර්බයිජානයේ ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.
මතභේදයට තුඩු දී ඇති නගොර්නෝ-කරබාක් කලාපය මුල් කරගනිමින් දෙපාර්ශවය අතර පසුගිය ඉරිදා (සැප්තැම්බර් 27) ගැටුම් ආරම්භ විය. වසර ගණනාවකට පසු පැවති දරුණු ගැටුම් හමුවේ සියයකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.