තායිලන්තයේ 'නිර්මාණශීලීව' හඬ නැංවුනු උද්ඝෝෂණ

වීඩියෝ ශීර්ෂ වැකිය, තායි උද්ඝෝෂණ
Published

මෑතක සිට තායිලන්තයේ ශිෂ්‍ය ප්‍රජාව එරට දේශපාලනික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු යැයි හඬ නගමින් ගෙන යන උද්ඝෝෂණ වැඩිවෙමින් පවතී.

තායිලන්තයේ ඉහළම විශ්වවිද්‍යාලයකට අයත් ප්‍රාදේශීය පීඨයක පැවති රැළියක් ඇමතූ තරුණියක රැස්ව සිටි ශිෂ්‍ය පිරිස හමුවේ කියවන්නට යෙදුණේ කරුණු දහයකින් යුතු ප්‍රකාශනයකි.

එරට කිරීටය, තෝරා පත් කරගන්නා ලද ආයතනවලට වගවිය යුතු බව ඇගේ ඉල්ලීම් අතර විය. එයින් මහජන මුදල් භාවිතය පාලනය කිරීම අපේක්ෂිතය. ඊට අමතරව දේශපාලනයෙන් බැහැරව සිටීම මෙන්ම වෙනත් බොහෝ රටවල දක්නට නොලැබෙන වැදගත් හමුදා ඒකක අරභයා ඇති පාලනයෙන් ඉවත්ව සීටීම ද අයත් වේ.

තායිලන්තය තුළ මෙය සිදුවීම විප්ලවයකි.

උපතේ සිට තායි වැසියන්ට උගැන්වෙන්නේ රට එකමුතුව තබාගන්නා මුල්ගල කිරීටය ලෙසය. ජාතික ස්වරුපය මූර්තිමත් කරන ආයතනය ලෙසිනි.

හමුදා කුමන්ත්‍රණ ගණනාවක් සමගින් නූතනයේ සැකසුනු ව්‍යවස්ථා ද ඇතුළු මෙතෙක් බිහිවූ සෑම තායි ව්‍යවස්ථාවක ඉහළින් ම කියැවුණේ, "වන්දනීය තැනක ලා රජු සිංහාසනාරූඪව" සිටින බව හා "කිසිදු ආකාරයක චෝදනාවකට හෝ ක්‍රියාවකට රජු ලක් කිරීමට කිසිවකුට නොහැකි" බවය.

දණ්ඩ නීති සංග්‍රහයේ 112 වැනි වගන්තියෙන්ද එම ප්‍රතිපාදන සවිමත් කර ඇති බැවින් රජ පවුල විවේචනය කරන ඕනෑම අයෙකුට එරෙහිව රහසිගත නඩු විභාගවලට ලක් කොට දිගු කාලීන සිර දඬුවම්වලට යටත් කළ හැක.

මෙම තොරතුරු ද දැනගන්න: