කොරෝනා වෛරසය: ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් සහ බ්‍රිතාන්‍ය හෙදියක් සේවය කරන රෝහලේදී ම විවාහ වෙති

Jann Tipping and Annalan Navaratnam

ඡායාරූප මූලාශ්‍රය, Rebecca Carpenter Photography

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු සහ හෙදියක ඔවුන් සේවය කරන රෝහලේදී ම විවාහ වී තිබේ.

34 හැවිරිදි ජෑන් ටිපිං සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 30 හැවිරිදි අන්නාලන් නවරත්නම් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ පිහිටි දේව සභාවකදී විවාහපත් වූහ.

ආරාධිතයින් දූරස්ථව ඔවුන්ගේ සුවිශේෂී දිනය සැමරීමට එක්ව සිටි අතර එක් සාක්ෂිකරුවෙකු විසින් විවාහ මංගල දේව මෙහෙය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබිණි.

ඔවුන් දෙපළ පැවසුවේ, "සියලු දෙනා තවමත් සෞඛ්‍ය සම්පන්නව සිටින අතරතුර" සිය මංගල උත්සවය සිදු කිරීමට තීරණය කළ බවය.

ජෑන් ටිපිං සහ අන්නාලන් නවරත්නම් අගෝස්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මංගල උත්සවය අවලංගු කර දැමුවේ, ඔවුන්ගේ දෙමාපියන්ට උතුරු අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව පැමිණීමට නොහැකි වනු ඇතැයි යන බිය හේතුවෙනි.

ඒ අනුව දකුණු ලන්ඩනයේ පදිංචි එම යුවළ සිය මංගල උත්සවය අගෝස්තු මාසයට පෙර පෞද්ගලික උත්සවයක් වශයෙන් පැවැත්වීමට තීරණය කළහ.

Jann Tipping and Annalan Navaratnam

ඡායාරූප මූලාශ්‍රය, Rebecca Carpenter Photography

ගිලන් රථ හදිසි සේවා හෙද නිලධාරිනියක වන ජෑන් ටිපිං පැවසුවේ, "අපිට අවශ්‍ය වුණේ අපට ආදරය කරන සියලු දෙනාට තිරයක් හරහා හෝ අපේ විවාහ සැමරීම දැකගන්න සැලැස්වීමටයි," යනුවෙනි.

අප්‍රේල් 24 වන දා පැවති විවාහ උත්සවය "ආදරණීය" එකක් වූ බව පැවසූ ඇය සඳහන් කළේ, තමන් දෙදෙනා සේවය කරන ස්ථානයේ ම විවාහ වීම "අසාමාන්‍ය" දෙයක් ලෙස දැනුණු බවය.

මේ අතර, ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරයෙකු වන අන්නාලන් නවරත්නම් පැවසුවේ, "අපි දෙන්නා අපි වෙනුවෙන් ම කැපවුණ එක ඉතාමත් සතුටට පත්වූ" බවය.

විවාහ උත්සවයේදී නර්තන සහ මංගල කතා ද පැවැත්වුණ අතර දුරස්ථ මංගල සාදයක් ද විය.

විවාහය ලියාපදිංචි කළ මියා හිල්බර්න් දේවගැතිවරිය පැවසුවේ, "එහි කොටස්කරුවෙකු වීම ගැන අතිශය සතුටට පත්වන" බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මෙම විවාහ උත්සවය, බ්‍රිතාන්‍යයේ බොහෝ ජනමාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙසින් පළ කර තිබිණ. එය සැල වූ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, "ඉතා අගනා දෙයක්" බවය.

කියවන්න: