විලියම් සහ කේට්: පාකිස්තානයේදී ක්‍රිකට් ගැසූ බ්‍රිතාන්‍ය රාජකීය යුවළ

Published

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් සහ කේට් යුවළ ඔවුන්ගේ පාකිස්තාන සංචාරයේ සිව් වන දිනයේදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් විනෝද වූහ.

ලාහෝර්හි පිහිටි පාකිස්තාන ජාතික ක්‍රිකට් ඇකඩමියේදී විලියම් කුමරු සහ කේට් කුමරිය පන්දුවට පහර දුන් අතර පසුව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක ද නිරත වූහ.

විලියම් කුමරුගේ දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් ඔවුහු පාකිස්තානයේ දෙවන විශාලතම මුස්ලිම් දේවස්ථානය වන බද්ෂාහි මුස්ලිම් පල්ලිය ද නැරඹූහ.

වේල්සයේ කුමරිය, ඩයනා, 1991 වසරේදී එම පූජා භූමියට පැමිණියාය.

විලියම් කුමරුගේ පියා, වේල්සයේ කුමරු, 2006 වසරේදී සහභාගි වූ රාජකීය සංචාරයේදී කෝර්න්වෝල්හි ආදිපාදවරිය සමග එම දේවස්ථානය වෙත ගියේය.

තවදුරටත් කියවන්න: