මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී විශාල පිරිසක් සුන්බුන් අතර සිරවෙති

මුම්බායිහි ගොනැගිල්ලක් කඩා වැටී විශාල පිරිසක් සුන්බුන් අතර සිරවෙති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published
කියවීමේ කාලය: මිනිත්තු 1

ඉන්දියාවේ මුම්බායි නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිව් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 30 දෙනෙකු පමණ ඊට යටවී ඇතැයි බලධාරීහු පවසති.

මුම්බායිහි ඩොන්ග්‍රි ප්‍රදේශයේ පිහිටි එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි බවය. පසුගිය දා ඇද හැළුණු මෝසම් වැසි හේතුවෙන් සිදුවූ ජලගැලීම් ද ඊට බලපෑ හැකි බවට වාර්තා පළවී තිබේ.

මෙවැනි ව්‍යසනවලින් ඉන්දියාවේ වසරකට පුද්ගලයින් 2000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව ඇස්තමේන්තුවල සඳහන්ය. ගොඩනැගිලි ඉදිකිරීම් ප්‍රමිතියකින් තොර වීම සහ අබලන් ගොඩනැගිලි සම්බන්ධයෙන් නිරන්තර චෝදනා එල්ල වේ.

Rescue workers and residents search for survivors at the site of a collapsed building in Mumbai, India, July 16, 2019

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බලධාරීන් බීබීසී මරාති සේවයට පැවසුවේ, ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සහ ජාතික ව්‍යසන ප්‍රතිචාර බළකායේ සාමාජිකයින් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවය.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, දරුවෙකු ඇතුළු පස් දෙනෙකු පමණ බේරා ගැනීමට හැකි වූ බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"අපිට ලොකු සද්දයක් ඇහුණා. ඔක්කොම කෑගැහුවා ගොඩනැගිල්ල කඩා වැටෙනවා කියලා. මම දිව්වා. මට දැනුණෙ ලොකු භූමි කම්පාවක් වගේ," එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු එන්ඩීටීවී පුවත් සේවයට පවසා තිබිණි.

පසුගිය වසර කිහිපයේදී මුම්බායි සහ වෙනත් ප්‍රදේශවල ගොඩනැගිලි රැසක් කඩා වැටිණි. වැඩි වශයෙන් එවැනි සිද්ධි වාර්තා වූයේ ජූනි සහ සැප්තැම්බර් මාස අතර පවතින මෝසම් වැසි සමයේදීය.

2017 වසරේ අගෝස්තු මාසයේදී මුම්බායිහි ගොඩනැගිලි තුනක් කඩා වැටිණි.

2013 වසරේදී මුම්බායිහි ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

තවදුරටත් කියවන්න: