නවසීලන්ත ඉනිම නිමයි: එංගලන්තයට ලකුණු 242 ක ඉලක්කයක්

Eoin Morgan and Kane Williamson pose with the World Cup trophy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ක්‍රිකට් කිරුළ හිමිවන්නේ ලෝක කුසලානය මෙතෙක් දිනා නොගත් රටකටය
Published

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දැන් පැවැත්වෙන අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු අටක් දැවී ළකුණු 241 ක් වාර්තා කිරීමට සමත් විය.

මේ අනුව ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට නම් නියමිත ඕවර් පනහ තුළ ළකුණු 242 ක් වාර්තා කිරීමේ අභියෝගය එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායම හමුවේ පවතී.

එංගලන්තය මෙන්ම නවසීලන්තයත් මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලානය දිනා නොමැති අතර, එබැවින් කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙයි.

මෙවර ක්‍රිකට් කිරුළ හිමිවන්නේ ලෝක කුසලානය මෙතෙක් දිනා නොගත් රටකටය.

1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගනු ලැබීමෙන් අනතුරුව අලුත් ලෝක ශූරයකු බිහි වී නොමැත.

ඒ අනුව අද තරගයේ දී කවර කණ්ඩායම ජයග්‍රහණය කළත් අලුත් ලෝක ශූරයකුත් බිහිවනු ඇත.

තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් 'ලෝර්ඩ්ස්' ක්‍රීඩාංගණයේ ය.

ඉරිදා (ජුලි 14) උදෑසන ලන්ඩන් නගරයේ වූ මඳ වැස්ස සහ පසුව පැවති තරමක් අඳුරු කාලගුණය හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ විනාඩි පහළොවක් ප්‍රමාද වී එංගලන්ත වේලාවෙන් උදේ 10.45 ට පමණය.

කාසියේ වාසිය උරගා බැලීමේ දී එහි වාසිය නවසීලන්ත කණ්ඩායම සතු වූ අතර පළමුව පන්දුවට පහර දීම එහි නායක කේන් විලියම්සන් ගේ තෝරා ගැනීම විය.

අවසාන මහා තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම සිය කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදු නොකිරීමත් විශේෂත්වයකි.

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ගුප්තිල් සහ නිකොලස් පිළිවෙලින් ළකුණු දහනවයකට(19) සහ පනස් පහකට (55)දවාලීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර නවසීලන්ත නායක සුපිරි පිතිකරු කේන් විලියම්සන්ගේ ඉනිම ළකුණු තිහකට (30) සීමා කිරීමටත් ඔවුහු සමත් වූහ.

ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මෙම තරගයේ විනිසකරුවකු ලෙස කටයුතු කරන අතර රන්ජන් මඩුගල්ලේ තරග තීරක විනිසුරු හැටියට කටයුතු කරයි.

කියවන්න;