අන්දමන් දූපත්හි හුදෙකලා ගෝත්‍රික වැසියන් හමුවීමට ගිය ඇමෙරිකානුවෙකු මරා දමති

INSTAGRAM/JOHN CHAU

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/JOHN CHAU

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්තෝබර් 21 වන දා ඔහු අන්දමන් දූපත් වෙත යමින් සිටින බව පවසමින් පළ කළ ඡායාරූපය
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබා දූපත්හිදී ඝාතනය වූ ඇමෙරිකානු ජාතික තරුණයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

එම දූපත් ආසන්න මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් පවසන්නේ, ජෝන් ඇලන් චාඌ නමැති ඇමෙරිකානු තරුණයා පිටස්තරයින්ට තහනම් කර ඇති උතුරු සෙන්ටිනල් දූපතට ගොඩ බැසීමෙන් පසු දුනු ඊතල ප්‍රහාරයකට ලක්ව ඇති බවය.

27 හැවිරිදි එම තරුණයා ක්‍රිස්තියානි ධර්ම දූත සේවයේ නිරතව සිටි අයෙකු බව ඉන්දීය බලධාරීහු පවසති.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සඳහන් තොරතුරු සහ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකට අනුව ඔහු වීර ක්‍රියාවල නිරත වීමට කැමැත්තක් දැක්වූ අයෙකි.

INSTAGRAM/JOHN CHAU

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/ JOHN CHAU

"මම කැමතියි අලුත් දේවල් හොයාගෙන යන්න" ඔහු සිව් වසරකට පෙර Outbound Collective නමැති වෙබ් අඩවියට පවසා තිබිණි.

"වනාන්තරයේ කොතරම් ගස් වැවිල තිබුණත් අන්දමන් දූපත්වල කැළෑවක තියෙන දිය ඇල්ලක් සොයා ගැනීම හෝ නගරයක් වටේ ඇවිදීම වගේ දේවලින් මට සතුටක් ලැබෙනවා. මම හදවතින් ම ගවේෂකයෙක්."

මේ වන විට වාර්තා වී ඇති ආකාරයට, නීතිවිරෝධී ලෙස ධීවරයින් පිරිසකට මුදල් දී අන්දමන් දූපත් වෙත ගිය අවස්ථාවේ ඔහු සෙන්ටිනල් ගෝත්‍රිකයින් විසින් ඝාතනය කරනු ලැබ තිබේ.

SURVIVAL

ඡායාරූප මූලාශ්‍රය, SURVIVAL

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙන්ටිනල් ගෝත්‍රිකයින්

"ජෝන් චාඌ සෙන්ටිනල් දූපතට මීට කලින් හතර පස් වතාවක් ගිහින් තියෙන බව පොලීසිය කියනවා" වසර ගණනක සිට මෙම දූපත් ආවරණය කරන මාධ්‍යවේදියෙකු වන සුබීර් භෞමික් බීබීසී හින්දි සේවයට පැවසීය.

ඉන්දීය වෙබ් අඩවියක් වන News Minute වෙත අන්දමන් දූපත් භාර ඉන්දීය පොලිස් අධ්‍යක්ෂ ජනරාල් දිපේන්ද්‍ර පතාක් පවසා ඇත්තේ, චාඌ ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වූ අතර ඔහු "එක්තරා ආකාරයක ප්‍රථමාධාර පිළිබඳව දැනුමක් පැවති අයෙකු" බවය.

"මිනිස්සු හිතාගෙන ඉන්නේ ඔහු දූත සේවයේ නිරත වුණා කියලා. එහෙම හිතනවා ඇත්තේ, ඔහු දෙවියන් වහන්සේ ගැන ගොඩක් සඳහන් කරල තිබුණු නිසා. ඒත් හරියට ම බැලුවොත් ඔහු දූත සේවයේ යෙදී සිටි කෙනෙක් නොවෙයි. ඔහු වීර ක්‍රියාවලට ප්‍රිය කළ කෙනෙක්. ඔහුගේ අරමුණ වුණේ අන්දමන් දූපතේ ආදි වාසීන් මුණ ගැහෙන එකයි."

ඉන්දීය බලධාරීන් පවසන්නේ, වසර 60,000ක් පමණ හුදෙකලා වී සිටි මෙම ගෝත්‍රික දූපත් වාසීන් උපරිම වශයෙන් 150 දෙනෙකු පමණ වාසය කරනු ඇති බවට විශ්වාස කරන බවය.

CHRISTIAN CARON - CREATIVE COMMONS A-NC-SA

ඡායාරූප මූලාශ්‍රය, CHRISTIAN CARON - CREATIVE COMMONS A-NC-SA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙන්ටිනල් ගෝත්‍රිකයින් පිරිසක් වෙරළ ආරක්ෂාවේ යෙදී සිටින අයුරු - 2005 වසරේදී ගත් ඡායාරූපයකි

අදාළ තරුණයා දූපත් වාසීන්ට තිලිණ කිරීම සඳහා කුඩා පාපන්දුවක්, බිලී පිතිවලට භාවිත කරන නූලක් සහ කතුරක් ආදී ත්‍යාග කිහිපයක් රැගෙන ගිය බව වාර්තා වී තිබේ.

ඔහු 2014 වසරේදී Outbound Collective වෙබ් අඩවියට පවසා තිබුණේ, වැන්කූවර්හි පදිංචිව සිටින තමන් පාපන්දු පුහුණුකරුවෙකු ලෙස සේවය කරන අතර කුඩා කාලයේ සිට ම සංචාරයේ නිරත වීමට දැඩි කැමැත්තක් දක්වන බවය.

"මගේ සහෝදරයායි මමයි පොඩි කාලේ මූණුවල බ්ලැක්බෙරි ඉස්ම ගාගෙන කෝටුවලින් දුනු ඊතල සහ හෙල්ල හදාගෙන සෙල්ලම් කළා."

"ඒ කාලෙ ඉඳල ම මගේ ගෙදර වුණේ ගෙයින් පිටතයි."

ඔහු පැවසුවේ, ගවේෂකයෙකු වූ ඩේවිඩ් ලිවින්ග්ස්ටන් සහ ජේසුස් වහන්සේ කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූ බවය.

ඔහු එහිදී පවසා තිබුණේ, සිය ඊළඟ අරමුණ අන්දමන් සහ නිකොබා දූපත් වෙත යළිත් ගොඩ බැසීම බවය.

"එහෙ බලන්න දේවල් වගේ ම කරන්න දේවලුත් ගොඩක් තියෙනවා."

Skip Instagram post, 1
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post, 1

චාඌ මෑතකදී ඉන්ටග්‍රෑම්හි පළ කර තිබුණේ, ඔහු අන්දමන් දූපත්හි විශාලතම නගරය වන ඩිග්ලිපූර් වෙත ගමන් කරමින් සිටින බවය.

සමාව

මේ අතර, සිය පුත්‍රයා වන චාඌ ඝාතනය කළ අන්දමන් දූපත්හි ගෝත්‍රික වැසියන්ට සමාව දෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා කිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ, ජෝන් ඇලන් චාඌ "දෙවියන්ට, ජීවිතයට සහ උපකාර අවශ්‍ය අයට ආදරය කළා. ඒත් ඔහුට කිසි දෙයක් ලැබුණෙ නැහැ. මොනවා වුණත් සෙන්ටිනල් වැසියන්ට ආදරය කරමු" යනුවෙනි.

Skip Instagram post, 2
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post, 2

චාඌට අන්දමන් දූපත් වෙත ළඟා වීමට සහය දුන් බව කියන ධීවරයින් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

එහෙත් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින්නේ, ඔවුන් නිදහස් කරන ලෙසය.

"අන්දමන් දූපත්වලට යන්න ඔහුට උදව් කළ අනෙක් මිතුරනුත් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු එහි ගියේ ඔහුගේ ම කැමැත්තෙන්. ඒ නිසා ඔහුට උදව් කළ පුද්ගලයින් ඔහුගේ ක්‍රියාවක් නිසා නීතියෙන් දඬුවම් විඳිය යුතු නැහැ."