ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවසීලන්තය: ගමක බළලුන් ඇතිකිරීම තහනම් කිරීමට උත්සාහ කරන්නේ ඇයි?
දකුණු දිග නවසීලන්තයේ වෙරළාසන්න කුඩා ගම්මානයක් තමන්ට උරුමවූ වන ජිවින් ආරක්‍ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමට සැලසුම් කරමින් සිටී. ඒ අනුව ගම් වැසියන්ට බළලුන් ඇතිකිරීම තහනම් වනු ඇත.
'Environment Southland' යටතේ ක්‍රියාත්මක කෙරෙන නව වැඩපිළිවෙලට අනුව ඕමාඋයි නම් ගම්මානයේ බළලුන් ඇතිකරන පුද්ගලයන් තමන්ගේ සුරතලුන් වන්ධ්‍යාකරණයට ලක්කර, බළලාගේ තොරතුරු ඇතුළත් කුඩා දත්ත ගබඩාවක් සමග පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුය.
ගම් වැසියන් දැනට ඇතිකරන බළලුන් මියගිය පසු නැවත බළලුන් ඇති කිරීමට ඔවුන්ට අවසර නොලැබෙනු ඇත.
එය තරමක අන්තගාමි පියවරක් ලෙස හැඟුණ ද එය සමාජය අවධානය යොමු කරමින් සිටින කරුණක්ද විය හැකිය. මේ තත්ත්වය උදාවී ඇත්තේ සෑම වසරකම සිදුවන බිලියන ගණනක් පක්‍ෂීන්ගේ සහ ක්‍ෂිරපායින්ගේ මරණවලට බළලුන් වගකිවයුතු බැවිණි. නමුත් සමහර පිරිස් පවසන පරිදි එය බළලුන්ගේ වරද නොව ඔවුන් ඇතිකරන පුද්ගලයන්ගේ වරදය.
ස්මිත්සෝනියන් සංක්‍රමික කුරුළු මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය පීටර් මාරා මේ සම්බන්ධ වාර්තා සහ පොත් පළකර තිබේ.
ඔහු පිළිබඳ සමාජයේ ඇති පුර්ව නිගමන පැවතියද ඔහු අවධාරණය කරන්නේ තමන් බළල් විරෝධී හෝ බළලුන් ඇතිකිරීමට එරෙහි පුද්ගලයෙකු නොවන බවය.
"බළලුන් ඉතා සුරතල් සතුන් වර්ගයක්. ඔවුන් දෙස බලා සිටින්නට සිත් දෙනවා. නමුත් ඔවුන්ට එළියට යාමට ඉඩ නොතැබිය යුතුයි. මේක තමයි පෙනෙන්නට තියෙන විසඳුම," ඔහු බීබීසී සමග පැවසීය.
"අපි කිසි දිනක බල්ලන්ට එහෙම යන්න ඉඩ හරින්නෙ නැහැ. අපිට බල්ලන්ට වගේ බළලුන්ටත් සැළකීමට මෙය සුදුසු වෙලාවයි."
"ඔබේ බළලාට ඕමාඋයි (Omaui) ස්වාභාවික පරිසරයේ තමන් සතුටින් දැන් කරනා දෙය කරමින් සිටිය හැකියි. නමුත් සුරතලා මියගිය පසු වෙනත් කෙනෙක් ලබා ගන්න ඔබට හැකියාවක් නැහැ," ජීව ආරක්‍ෂක මෙහෙයුම් කළමනාකරු අලි මීඩ් පැහැදිළි කළේය.
ඕමාඋයි නිලධාරීන් මෙම නිගමනවලට එළඹ ඇත්තේ කැමරා මගින් ලබාගත් තොරතුරු අනුවය. ප්‍රදේශයේ කුරුල්ලන්, කෘමීන් මෙන්ම උරගයින් ද බළලුන් විසින් ගොදුරු කරගනු ලබන බව ඉන් පෙන්වා දී ඇත.
මෙම සැළසුම්වලට අනුව, ඊට අනුගත නොවන පුද්ගලයන්ට මුලින් දැනුම්දීමක් කෙරෙනු ඇති අතර, "අවසන් පියවර ලෙස" සුරතල් සතුන් ඉවත් කිරීමට පියවර ගනු ඇත.
'උපතින්ම දඩයක්කාරයා'
හරි අඩක් පමණ නිවාසවල බළලුන් ඇතිකරන නවසීලන්තයේ, මෙම සුරතලුන් සම්බන්ධයෙන් මේ ආකල්පය දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.
ඕස්ට්‍රේලියාවේ ද මෙය ගැටලුවක් බවට පත්ව තිබේ. සෑම රැයක ම එරටට ආවේනික සතුන් මිලියන ගණනක ගණනක මරණවලට එළිමහනේ සැරිසරන බළලුන් වගකිව යුතු බව පැවසේ.