ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දුනීසියාව: තවත් පවුලක් මරාගෙන මැරෙයි
ඉන්දුනීසියාවේ සුරබයා හි පිහිටි පොලිස් මූලස්ථානයට අද ( මැයි 14) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
මෝටර් බයිසිකයලයක නැගී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ සුරබයා නගරය තුළ ඉරිදා සිදුවූ පිරිරීම් මාලාවෙන් දිනකට පසුවය.
එරට වේලාවෙන් උදෑසන 8.50 ට පමණ හටගත් පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තුවාල ලද බව වාර්තා වුව ද නිවැරදි ප්‍රමාණය කොතෙක්දැයි පැහැදිලි නැත.
ඉරිදා දේවස්ථාන තුනකට එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගියහ.
එම ප්‍රහාර තමන් විසින් මෙහෙයවන ලදැයි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පවසා ඇත.
එම ප්‍රහාර "බියගුලු හා අමානුෂික" යැයි හඳුන්වාදුන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, "ත්‍රස්තවාදය නතර කිරීම ගන්නා පියවරට ලිහිලක් " නොවනු ඇතැයි පැවසීය.
අද එල්ලවූ ප්‍රහාරය ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධයක් ඇත්ද යන්න පැහැදිලි වී නැත.
මේ සම්බන්ධයෙන් වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි බව නැගෙනහිර ජාවා හිදී පැවසු පොලිස් ප්‍රකාශකවරයා "විපතට පත් වූ අය හඳුනාගැනීම සහ අපරාධය වූ ස්ථානයේ අදාළ කටයුතු තවමත් ක්‍රියාත්මක වනවා" යැයි කියා සිටියේය.
ඉරිදා ප්‍රහාර
ඉරිදා සිදුවූ ප්‍රහාර පසුපස එක් පවුලක් සිටින අතර ඔවුන් සිරියාවේ සිට යළි පැමිණි සිය ගණනක පිරිසට අයත් බව පොලිසිය කීය.
අයිඑස් සංවිධානය හා සිරියානු ආණ්ඩුව අතර පවතින ගැටුමට එම පවුලේ සම්බන්ධයක් ඇතිද යන්න ගැන තොරතුරු හෙළි කර නැත.
මේ තොරතුරුද කියවන්න:
පොලිසිය පවසන පරිදි එම පවුලේ පියා වූ ඩිටා ඕප්‍රියාර්තෝ, අයිඑස් සංවිධානයේ ආභාෂය ලද ජෙමාහ් අන්ශාරුත් දවුලාහ් (JAD) නම් වූ ජාලයක ප්‍රාදේශීය ප්‍රධානියා වේ.
පළමු ප්‍රහාරයේදී, ඔහුගේ 16 සහ 18 හැවිරිදි වූ පුතුන් දෙදෙනා මෝටර් බයිසිකලයක නැගී සැන්ටා මාරියා කතෝලික දේවස්ථානය වෙත ගොස් එහිදී පිපිරවීම කර තිබේ.
පුජි කුස්වති නම් සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා දිපොනේගොරෝ ඉන්දුනීසියානු ක්‍රිස්තියානි දේවස්ථානය වෙත ගෙන ගොස් ඇරලු පසු ඔවුහු එහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළහ.
සිය මව මෙන්ම, 9 සහ 12 හැවිරිදි වූ දියණියන් දෙදෙනා සිය සිරුරේ බෝම්බ බැඳගෙන සිටියහ.
සිය බෝම්බ පිරවූ මෝටර් රථය සුරබයා මධ්‍ය පෙන්තකොස්ත දේවස්ථාන භූමිය වෙත පදවාගෙන ගොස් ප්‍රහාරය එල්ල කළේය.
මේ සිදුවීමේදී පුද්ගලයින් දහතුන් දෙනෙකු මියගොස් 40 ට වැඩි පිරිසක් තුවාල ලැබුවේ එය දශකයකට වැඩි කාලය තුළ සිදුවූ දරුණුම ප්‍රහාරය ලෙස සටහන් කරමිනි.
ඉස්ලාමීය සන්නද්ධ ව්‍යාපාරය සමග දිගු කාලයක් පුරා අරගලයක යෙදී සිටින ඉන්දුනීසියාවේ එල්ලවූ දරුණුතම ප්‍රහාරය වූයේ 2002 වසරේ බාලි දුපතේදී එල්ලවූ ප්‍රහාරය ය. සංචාරකයින්ගේ රාත්‍රී සමාජ ගැවසීමක් ඇති ප්‍රදේශයක එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 202 දෙනෙකු මියගිය අතර ඉන් වැඩි දෙනා විදේශ සංචාරකයෝ වූහ.
තවත් තොරතුරු: