මේගන් මාකල් බ්‍රිතාන්‍ය රජ පවුලේ නත්තල් දේව මෙහෙයට එක්වෙයි

මේගන් මාකල් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් සමඟ ගමන් ගත් ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, මේගන් මාකල් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් සමඟ ගමන් ගත් ආකාරය
Published

බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙවර නත්තල් උත්සවයට හැරී කුමරුන්ගේ පෙම්වතිය වන මේගන් මාකල් එක් වූවාය.

හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතව ඇත.

එලිසබත් රැජිනට අයත් 'නෝර්ෆෝල්ක්' වතුයායේ දේවස්ථානයේ පැවති නත්තල් කැරොල් ගායනයට රජ පවුලේ ප්‍රමුඛ සාමාජිකයන් සහභාගී වූ අතර හැරී කුමරු සහ මේගන් මාකල් ඔවුන් අතර දක්නට ලැබුණි.

රැජින රැස්ව සිටි ජනතාවට ප්‍රතිචාරය දක්වමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින රැස්ව සිටි ජනතාවට ප්‍රතිචාරය දක්වමින්

රැජින සමඟ ඇයගේ වල්ලභයා වන පිලිප් කුමරු, ඔටුන්න හිමි චාල්ස් සහ විලියම් කුමාරවරුන් ද ඔවුන් අතර සිටියහ.

නත්තල් දේව මෙහෙයෙන් අනතුරුව රාජකීය පවුලේ සාමාජිකයන් අවට රැස්ව සිටි ජනතාවට ශුභ පැතූ අතර මේගන් මාකල් ද එම අවස්ථාවට සහභාගී වූවාය.

රජ පවුල දැක ගැනීම සඳහා දෙසීයක පමණ කණ්ඩායමක් අද (25) උදෑසන පහේ පටන් ශීත කාල ගුණය පවා නොතකා එහි රැඳී සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

රජ පවුලේ සාමාජිකයන්ට එක්වූ මේගන් මාකල්, සිය අනාගත සැමියා වන හැරී කුමරුන් සහ ඔහුගේ සහෝදරයා වන විලියම් කුමරුන් සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය අතර ගමන් කරමින් සිටියාය.

හැරී සහ මේගන් ජනතාව අතරට ගොස්
ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී සහ මේගන් ජනතාව අතරට ගොස්

දේවස්ථානයෙන් පිටත්ව යාමට පෙර හැරී කුමරු සහ මේගන් මාකල් ඒ අසල බලා සිටි කාන්තාවන් සමූහයක් වෙත ගමන් ගත්හ.

එහි රැස්ව සිටි ඇමෙරිකානු කණ්ඩායමක් මේගන් මාකල් දැකීමෙන් විශේෂයෙන්ම සතුටට පත්ව සිටියහ.

සිය රට වැසියකු ලබන මැයි මාසයේ බ්‍රිතාන්‍ය රජ පවුලට එක්වීම ඔවුන්ගේ සතුටට හේතු වී ඇත.

සබැඳි පුවත්;