'ගුවනේදී හෙලිකොප්ටර් - ගුවන් යානා ගැටීමක්'

බකිංහම්ශයර් ප්‍රදේශයට ඉහළ අහසේදී හෙලිකොප්ටරයක් හා ගුවන් යානයක් ගැටී ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
Published

එංගලන්තයේ බකිංහම්ශයර් ප්‍රදේශයට ඉහළ අහසේදී හෙලිකොප්ටරයක් හා ගුවන් යානයක් ගැටී ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.

බකිංහම්ශයර් ප්‍රදේශයට ඉහළ අහසේදී හෙලිකොප්ටරයක් හා ගුවන් යානයක් ගැටී ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.

හදිසි සේවා යොමු කර ඇති අතර ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාව දී ඇති ඇතැයි වාර්තා වේ. ගුවන් අනතුරු විමර්ශන අංශය (AAIB) පවසන පරිදි බකිංහම්ශයර් හි අයිල්ස්බරි ප්‍රදේශයට ආසන්නයේ එම අනතුර සිදුවී තිබේ.

අයිල්ස්බුරිහි වොඩස්ඩන් මැදුරට නුදුරින් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, අයිල්ස්බුරිහි වොඩස්ඩන් මැදුරට නුදුරින් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ

තුවාලකරුවන් පිරිසක් සිටින බව ගිලන්රථ කාර්ය මණ්ඩල පැවසූහ.

අනතුරට ලක්වූ යානා දෙක ම වයිකොම්බ් හි ගුවන් පථයේ සිට පැමිණි ඒවා බව ව්යිකොම්බ් එයාර් පාර්ක්හි ප්‍රකාශකයෙකු පැවසීය

අනතුර සිදුවූ ප්‍රදේශය

ගුවන් පුහුණු ස්ථානයක් වන බූකර් ගුවන් පථය ලෙසින්ද හැඳින්වෙන වයිකොම්බ් වයිකොම්බ් එයාර් පාර්ක් පිහිටා තිබෙන්නේ අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් 20ක් එපිටිනි.