ඇෆ්ගනිස්ථානය: සතියක් ඇතුළත 'දෙසීයකට ආසන්න පිරිසක්' මරුට

Woman at bloodstained wall
Published

කාබුල් අගනුවර ශිෂ්‍ය හමුදා භට කණ්ඩායමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග සතියක් ඇතුළත කැරලි ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව දෙසීයකට ආසන්න බව එරට බලධාරීහු පවසති.

එම ප්‍රහාරයට හසුව අවම වශයෙන් ශිෂ්‍ය හමුදා භටයන් පහළොස් දෙනෙකු මරණයට පත්ව ඇති බවත් බලධාරීහු සඳහන් කළහ.

තමන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව තාලිබාන් සංවිධානය පවසයි.

එය, පැය 24 ඇතුළත කාබුල් අගනුවරට එල්ල වූ දෙවන මරාගෙන මැරෙන ප්‍රහාරයයි.

ෂියා මුස්ලිම් දේවස්ථානයකට සිකුරාදා (ඔක් 20) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ වෙඩි ප්‍රහාරයට හසුව මරණයට පත් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් එහි වගකීම භාර ගනු ලැබීය.

සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැති නමුත් මීට ඉහතදී ඔවුන් විසින් ෂියා පල්ලි වෙත ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත.

women leaving a building, one being comforted by the other
ඡායාරූප ශීර්ෂ වැකිය, සතියක් ඇතුළත කැරලි ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව දෙසීයකට ආසන්න බව බලධාරීහු පවසති

ඝෝර් ප්‍රාන්තයේ පිහිටි වෙනත් සුන්නි මුස්ලිම් දේවස්ථානයකට සිකුරාදා එල්ලවූ ප්‍රහාරයකින් 20 දෙනෙකු මරණයට පත් විය.

මෑත කාලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වූ අතර එරට හමුදා සහ පොලිස් සාමාජිකයන් විශාල පිරිසක් ද තාලිබාන් කැරලිකරුවන් අතින් මරණයට පත් වී තිබේ.

පසුගිය මැයි මාසයේ දී ට්‍රක් රථයක් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයකට හසුව 150 අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 400 පමණ තුවාල ලැබූහ.

ඒ අතර සිටි වැඩි දෙනෙකු සාමාන්‍ය වැසියන්ය.

ඇමරිකානු හමුදා භටයන් 8,400 ක් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති අතර එරට සිටින නේටෝ සාමාජික රටවලට අයත් භට සංඛ්‍යාව 5,000 කි.

සබැඳි යොමු: