වින්ස්ටන් චර්චිල්ගේ 'සුරුට්ටු කොටයට' ඉහළ ලන්සුවක්

මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි අග අලවා ඇති රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නම ද සඳහන් වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි අග අලවා ඇති රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නම ද සඳහන් වෙයි
Published

දෙවන ලෝක යුද්ධය පවතින සමයේ බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් විසින් උරන ලද සුරුට්ටුවක ඉතිරි වූ කොටස ඩොලර් 12,000කට වෙන්දේසි වී තිබේ.

වින්ස්ටන් චර්චිල් ප්‍රංශයේ ලෙ බුවර්ශේ (Le Bourget) ගුවන්තොටුපොළේ දී මෙම සුරුට්ටුව උරමින් සිට ඇත්තේ 1947 මැයි මස 11වැනිදා ය.

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි පදිංචි, පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ එකතු කරන්නෙකු විසින් අඟල් හතරක් දිගැති මෙම 'සුරුට්ටු කොටය' මිලදී ගනු ලැබ ඇත.

ඔහුගේ නම හෙළිදරව් කර නැත.

අඟල් හතරක් දිගැති 'සුරුට්ටු කොටය'
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟල් හතරක් දිගැති 'සුරුට්ටු කොටය'

වින්ස්ටන් චර්චිල් හිටපු අගමැතිවරයා විසින් උරන ලද මෙම සුරුට්ටුවේ ඉතිරි වූ කොටස තිබී ඇත්තේ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියෙකු සන්තකයේ ය.

එවකට අගමැති චර්චිල් ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී එම ගමනට මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියා ද එක්වී ඇත.

එවකට අගමැති චර්චිල් ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී එම ගමනට මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියා ද එක්වී ඇත.

ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල්

මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි අග අලවා ඇති රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නම ද සඳහන් වෙයි.

ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් විසින් පාවිච්චි කරන ලද තවත් සුරුට්ටුවක ඉතිරි වූ අග කොටස 2015 වසරේදී ද වෙන්දේසි විය.

එය විකිණී ඇත්තේ ඩොලර් 2000ක ලන්සුවකට ය.

වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු වීරයෙකු බවට පත්විය
ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු වීරයෙකු බවට පත්විය