කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

කටාර්
Published

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු ආරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැඩි අවධානයකින් පසු වේ.

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටීම ඊට බලපා ඇති විශේෂ හේතුවකි.

කටාර් රාජ්‍ය, කලක් ගල්ෆ් කලාපයේ දුගී රටවල් අතරින් එකකි. නමුත් මේ වනවිට කටාර් රාජ්‍ය එම කලාපයේ තිබෙන ධනවත්ම රටවල් අතරින් එකක් බවට පත්ව ඇත.

කටාර් රාජ්‍ය සිය කලාපීය සහ ගෝලීය අභිලාෂ මුදුන් පත් කර ගැනීම සඳහා ඛනිජ සම්පත් ඔස්සේ ලැබෙන ආදායම උපයෝගී කර ගනු ලබයි.

line
line

පලස්තීන හමාස් සංවිධානය, ඊජිප්තුව සහ සිරියාවේ ඉස්ලාමීය කණ්ඩායම් වැනි කලාපයේ ඇතැම් සංවිධාන සම්බන්ධයෙන් ඩෝහා පාලනය සිදු කරනු ලබන මැදිහත්වීම් සෙසු අරාබි රටවල නායකයන්ගේ සතුටට හේතු නොවේ.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කරන්නේ එවැනි පසුබිමකය.

කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කටාර්

කටාර් රාජ්‍යය

line
  • අගනුවර - ඩෝහා
  • ජනගහනය - ලක්ෂ 27
  • භූමිය - වර්ග කිලෝමීටර 11,437
  • භාෂාව - අරාබි
  • ආගම - ඉස්ලාම්
  • ආයු අපේක්ෂාව - අවුරුදු 78.5
  • මුදල් ඒකකය - රියාල් (මූලාශ්‍ර: ලෝක බැංකුව, එක්සත් ජාතීන්)
line

මේ අතර කටාර් පාලනය තම රට තුළ ද ඇතැම් ගැටලුවලට මුහුණ දෙමින් සිටී.

ඛනිජ තෙල් ඔස්සේ ලැබෙන මුදල් සිට රට වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන කටාර් රාජ්‍ය එරට සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විවේචනයට ලක්වේ.

අල්-තානි පවුල

Qatar's Sheikh al-Thani
ඡායාරූප ශීර්ෂ වැකිය, ෂේක් තමිම් බින් හමාද් අල් තානි

2013 වසරේ දී ෂේක් තමිම් බින් හමාද් අල්-තානි කටාර්හි නායකත්වයට පත් වන්නේ ඔහුගේ පියාගෙන් පසුවයි.

ඔහු එරට සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය සේනාධිනායකයා වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ද ඔහුයි.

මෑත කාලය තුළ ඔහු විසින් හමුදා සහ ආරක්ෂක අංශවල වගකීම් විශාල වශයෙන් සියතට පවරා ගනු ලැබ ඇත.

සිය පියා මෙන් ඔහු ද බ්‍රිතාන්‍යයේ ඉගනුම ලැබීය.

line
line

කටාර් ආණ්ඩුව විසින් අල් ජසීරා ප්‍රවෘත්ති ආයතනයේ හිමිකාරිත්වය දරනු ලබයි.

කලාපය තුළ සංවේදී යැයි සැලකෙන විෂයන් පිළිබඳ අල් ජසීරා අරාබි සේවය විවෘතව කතාබහට ලක් කළ ද කටාර් රාජ්‍ය සහ මිත්‍ර ගල්ෆ් රටවල් සම්බන්ධයෙන් විවේචන කිරීමෙන් එම ආයතනය වැළකි සිටී.

මාධ්‍ය සහ අන්තර්ජාලය

අල් ජසීරා

කටාර්හි දිනපතා පළ වන ප්‍රධාන පුවත්පත් හා පාලක තානි පවුල අතර සබඳතා පවතී.

කටාර්හි දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එරට පුවත්පත් සුළු වශයෙන් හෝ වාර්තාකරණයේ නොයෙදෙයි.

line
line

එරට අන්තර්ජාලය භාවිත කරන පිරිස ලක්ෂ විසි දෙකකි. ඉස්ලාම් ආගමට නිගරු වන බවට සැලකෙන සහ ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි කටාර් ආණ්ඩුව විසින් නියාමනයට ලක් කරනු ලැබ ඇත.

ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා

කටාර්

1700: කටාර්හි වෙරළබඩ ප්‍රදේශවල මුතු කර්මාන්තය සහ වෙළඳාම ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස බිහි විය.

1916: ආරක්ෂාව ලබා දෙන බවට වූ සහතිකය මත බ්‍රිතාන්‍ය කටාර්හි විදේශ සබඳතා පාලනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

1936: ඛනිජ නිධි සොයා ගනු ලැබූ නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් කැණීම් කටයුතු ප්‍රමාද විය. නමුත් මුතු සහ ධීවර කර්මාන්තය වෙනුවට ඛනිජ තෙල් කටාර්හි ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් විය.

2005 ජුනි: ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් කටාර්හි පළමු ලිඛිත ව්‍යවස්ථාව බලාත්මක විය.

2017 ජුනි: සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කළහ. ඒ අන්තවාදයට සහ ඉරානයට සහාය ලබා දෙන බවට චෝදනා කරමිනි.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk