පාකිස්තාන් හමුදාව IS අණදෙන්නන් අටක් මරා දමයි

IS ගුහාවක් ආක්‍රමණය කළ බව පාකිස්තාන් හමුදාව පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, IS ගුහාවක් ආක්‍රමණය කළ බව පාකිස්තාන් හමුදාව පවසයි.
Published

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අණ දෙන්නන් යටත් පිරිසෙයින් අටදෙනකුවත් මරා දමන ලද බව පාකිස්තාන් ආරක්ෂක අංශ පවසති.

තම අනන්‍යතාව හෙළි නොකල පාකිස්තාන් නිලධාරීහු බලුකිස්තාන් ප්‍රාන්තයේ මස්තුන් (Mastung) අසළ IS තිප්පොළක් ලෙස පවත්වා ගෙන යමින් තිබුණ ගුහාවක් ආක්‍රමණය කරමින් ඔවුන් මරා දමන ලද බව කියා සිටියහ.

පසුගිය මාසයේ බලුකිස්තානයේ ක්වෙටා (Quetta) අගනුවර දී චීන ගුරුවරියන් දෙදෙනෙක් පැහැර ගෙන ගිය අතර පාකිස්තාන් හමුදා මෙහෙයුම ආරම්භ කරන ලද්දේ එම ගුරුවරියන් සොයා ගැනීම ඉලක්ක කර ගෙන බවත් පැවසෙයි.

එහෙත් එම චීන ගුරුවරියන් දෙදෙනා සොයාගනු ලැබ නැත.

විසිපස් දෙනකු මරාදමමින් පසුගිය මාසයේ මස්තුන් (Mastung) නගරයේ එල්ල කරන ලද බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් භාරගනු ලැබ ඇත.