'පාරාවෝ කුමරියගේ සොහොන් ගැබ' සොයා ගනී

කයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටිය
ඡායාරූප ශීර්ෂ වැකිය, කයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටිය
Published

පාරාවෝ කුමරියකගේ බවට විශ්වාස කෙරෙන සොහොන් ගැබක් සොයාගත් බව ඊජිප්තු බලධාරීහු පවසති.

වසර 3,700ක් ඉපැරණි මෙම සොහොන් ගැබ හමුවී ඇත්තේ මෑතකදී සොයා ගන්නා ලද ඊජිප්තු පිරමිඩයක් අසලිනි.

ඊජිප්තුවේ පුරාවස්තු අමාත්‍යංශය පවසන්නේ කයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටියේ ඇති මෙම සොහොන් ගැබ තුළ තිබී දැවමුවා පෙට්ටියක් ගොඩගත් බවය.

මෙම පෙට්ටිය මත හයිරෝරේඛණය නමින් හැඳින්වෙන පුරාණ මිසර රූපාක්‍ෂර කැටයම්කර තිබේ.

මෙම දැව පෙට්ටිය තුළ තිබී මිනිස් අවයව
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම දැව පෙට්ටිය තුළ මිනිස් අවයව

මෙම දැව පෙට්ටිය තුළ තිබී මිනිස් අවයව තැන්පත් කළ භාජන හතරක් හමුවී ඇති අතර ඒවා ඇමනිකමාව් නම්වූ පාරාවෝ රජුගේ දියණියගේ සිරුරේ කොටස් බවට විශ්වාස කෙරේ.

ඇමනිකමාව් රජුගේ පිරමිඩය පිහිටා ඇත්තේ මෙම සොහොන් ගැබට මීටර 600ක් පමණ දුරිනි.

පාරාවෝ කුමරියකගේ බවට විශ්වාස කෙරෙන මෙම සොහොන් ගැබ තුළ තිබී මානවාකාර හැඩයකින් යුත් ශෛලමය මිනීපෙට්ටියක අවශේෂ ද සොයාගෙන තිබේ.