සංවේදී ආදරවන්තයන් වූ බියකරු ටිරනොසෝරයන්

Tyrannosaurus rex model
Published

01. ක්‍රිටෙසීය යුගයේ අග භාගයේ මිහිතලය සිය අණසකට යටත් කරගෙන සිටි 'ටිරනොසෝරස් රෙක්ස්' නමැති ඩයිනොසර විශේෂය තුළ සංවේදී පැතිකඩක් තිබී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මිනිස් ඇඟිලි තුඩු තරමට ටිරනොසෝරයන්ගේ මුව පෙදෙස ස්පර්ශයට සංවේදී බව ඇමරිකානු විද්‍යාඥයන් විසින් නිගමනය කරනු ලැබ ඇති බව ගාඩියන් පුවත්පත වාර්තා කළේය.

අඩි විස්සක් උසැති ටිරනොසෝරයන්ගේ සංවාස කාලය සාර්ථක කර ගැනීම සඳහා මුව පෙදෙස ආශ්‍රිත සමේ සංවේදීතාව උපකාරී වන්නට ඇති බවත් සංවාසයට පෙර ඔවුන් එකිනෙකාගේ මුව ප්‍රදේශ ස්පර්ශ කර ගනිමින් ඊට සුදානම් වන්නට ඇති බවත් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

The house mouse has been living alongside humans for thousands of years

02. වසර පහළොස් දහසක සිට මීයන් මනුෂ්‍යවාස ආශ්‍රිතව ජීවත්ව ඇති බවට පොසිල ඔස්සේ සාක්ෂි ලැබී ඇත.

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ පැවති පුරාතන ජනාවාසවල විසූ මිනිසුන් විසින් එක්රැස් කර ගන්නා ලද ධාන්‍ය වර්ග සොරා කෑමට මීයන් හුරුව සිට ඇතැයි සිතිය හැකි බව විද්‍යාඥයෝ පවසති.

ගංජා

03. 2018 වසරේ ජුලි මස 01 වෙනිදා සිට කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට අදාළ වගන්ති එරට ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව CBC පුවත් සේවය පවසයි.

එම වාර්තාවට අනුව කැනේඩියානු ආණ්ඩුව ගංජා වෙළඳාමට අදාළ නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

මේ අතර ගංජා වගා කිරීම සඳහා අවසර ලබාදීමේ යෝජනාවක් පෙබරවාරි මාසයේදී නෙදර්ලන්තයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය.

තක්කාලි සෝස්

04. තක්කාලි සෝස් සහ බ්‍රවුන් සෝස් ශීතකරණය තුළ ගබඩා කර තැබිය යුතු බව නිවසේ යහපැවැත්ම පවත්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන Good Housekeeping Institute නමැති බ්‍රිතාන්‍ය ආයතනය පවසයි.

එම සෝස් වර්ග මාස තුනක් ඇතුළත භාවිතයටගත යුතු බවත් එම ආයතනය පෙන්වා දෙයි.

වැසිකිලි

05. නින්දෙන් අවදිව මුත්‍රා කිරීමට අවශ්‍යවන පුද්ගලයන් තම ආහාරවල අඩංගු ලුණු ප්‍රමාණය අඩුකළ යුතු බව ජපානයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් නිර්දේශ කරති.

line
line

වෛද්‍ය කණ්ඩායම පවසන පරිදි 'නොක්ටුරියා' නමින් හැඳින්වෙන එම රෝගී තත්වය මගින් ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්ගේ නින්දට බාධා කෙරෙන අතර ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි.