හිට්ලර්ගේ 'ජනසංහාරක දුරකතනය' වෙන්දේසියේ

Hitler's phone
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය
Published

දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කරන ලද දුරකතනය ඇමරිකාවේදී වෙන්දේසි කිරීමට නියමිතය.

ජර්මනිය යටත් වීමත් සමග නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය බර්ලිනයේ බංකරයක් තුළ තිබී 1945 වසරේදී සොයා ගැනිණි.

දුරකතනය සොයා ගත් සෝවියට් රතු හමුදා භටයෝ සමරුවක් වශයෙන් එය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ශ්‍රීමත් රැල්ෆ් රේනර් වෙත තෑගි කර තිබුණි.

Grey line
Grey line

සති අන්තයේ ඇමරිකාවේ මේරිලන්ඩ්හිදී වෙන්දේසි කිරීමට නියමිත දුරකතනයේ ආරම්භක ලංසුව ඇමරිකානු ඩොලර් ලක්ෂයකි.

Hitler's name engraved on the phone
ඡායාරූප ශීර්ෂ වැකිය, නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය

ශ්‍රීමත් රැල්ෆ් රේනර් ගේ පුත්‍රයා විසින් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබ ඇති දුරකතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලකට අලෙවිවනු ඇති බවට බලාපොරොත්තු පළවේ.

මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශයට කරමින් එවකට යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය.