හිම කඳු නාය යාමෙන් රැසක් අතුරුදන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉතාලියේ හිමකඳු නායයාමක්
Published

මධ්‍යම ඉතාලියේ අබ්රුසෝ ප්‍රදේශයේ හිම කන්දක් නාය යාමෙන් පුද්ගලයින් රැසක් අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

'ග්‍රාන් සසෝ' නම් කන්දේ පිහිටි රෙගො පියානෝ නම් හෝටලයක ලැගුම්ගෙන සිටි අමුත්තන් 30 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය එම අනතුරට ලක්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළහ.

බදාදා (ජන.18) දිනය තුළදී එම ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පන වැලක් සිදුවී තිබිණ.

අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම්වලට මහත් වෙහෙසක් දැරීමට සිදුවුයේ දින ගණනාවක සිට මුළු ප්‍රදේශයම ඝන හිම තට්ටුවකින් වැසී පැවතීම නිසා මාර්ග අවහිර වී තිබු බැවිනි.

අනතුර සිදුවූ ස්ථානය

ඔවුන්හට අදාළ ස්ථානයට යා යුතුවුයේ හිම මත ලිස්සා යාම සඳහා භාවිත කරන 'ස්කී' උපකරණවල ආධාරයෙනි.

දිවි බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා ගැනීමට ඔවුන් සමත්වූ අතර තවත් බොහෝ පිරිසක් හිම යට වැළලී ඇතැයි පෙනෙන්නට ඇත.

හෝටලයේ සිටියවුන්ගෙන් වැඩිදෙනා මියගොස් ඇති බව එක නිලධාරියකු පැවසීය.