චීනයේ 'වැසිකිළි විප්ලවයක්'

Published

මහජන වැසිකිළි පවිත්‍රව තබා ගැනීම සඳහා පමණක් වෙන්වූ නිලධාරීන් කිහිප දෙනෙකු පත්කිරීමට පියවර ගන්නා බව චීනයේ ශියෑන් නගර බලධාරීහු නිවේදනය කළහ.

'වැසිකිළි ප්‍රධානීන්' ලෙසින් නම් කෙරෙන මෙම නිලධාරීන් පත්කිරීමට පියවර ගෙන ඇත්තේ මහජන වැසිකිළි අපවිත්‍රව පවතින බවට පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.

පසුගිය වසරේ පමණක් චීනයේ වයඹදිග පළාතේ පිහිටි ශියෑන් නගරයට සංචාරකයන් මිලියන එකසිය තිහකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා චීනය 'වැසිකිළි විප්ලවයක්' ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් පවතින ස්ථාන අවට නවීන පන්නයේ පහසුකම් සහිත වැසිකිළි ලක්ෂයක් තැනීමට නියමිතය.