ජෙනට් ජැක්සන්: පනස් වෙනි වියේදී දරු සුරතල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ලෝක ප්‍රකට පොප් ගායිකා ජෙනට් ජැක්සන් පනස් වෙනි වියේදී මව් පදවිය ලැබුවාය.
ඇයගේ ප්‍රචාරක කළමනාකරු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජෙනට් ජැක්සන් පුතෙකු බිහිකළ අතර මාපිය යුවළ ඒ පිළිබඳව දැඩි සතුටකින් පසුවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මයිකල් ජැක්සන්ගේ බාල සොයුරිය වන ජෙනට් විවාහ වී සිටින්නේ කටාර් රාජ්‍යයේ කෝටිපති ව්‍යාපාරික විසාම් අල් මනා සමඟය.
අලුත උපන් පුතු එයිසා අල් මනා සහ මව නිරෝගීව සිටින බව ජෙනට් ජැක්සන්ගේ ප්‍රචාරක කළමනාකරු නිවේදනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PA
ජෙනට් ජැක්සන් ගැන තොරතුරු බිඳක්:
- ජෙනට් දමිටා ජෝ ජැක්සන් එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ දී උපත ලද්දේ 1966 මැයි මස 16 වෙනිදාය.
- දරුවන් නමදෙනෙකුගෙන් යුතු ජැක්සන් පවුලේ බාලම දරුවා ජෙනට් ජක්සන්ය.
- ඇගේ ප්‍රථම ගීත ඇල්බමය නිකුත් වූයේ 1982 දීය.
- ජෙනට් මේ දක්වා ගීත ඇල්බම එකොළහක් නිකුත් කර ඇත. 2015 දී නිකුත් කළ 'Unbreakable' ඇගේ නවතම ඇල්බමයයි.
- ඇය හත් වතාවක් Grammy සම්මානයෙන් පිදුම් ලැබුවාය.
- දෙවතාවක් දික්කසාද වුණු ජෙනට්, ව්‍යාපාරික විසාම් අල් මනා සමඟ විවාහවූයේ 2012 වසරේදීය.
























