ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයේ උසම පාලම චීනයෙන්
දකුණු චීනයේ 'බීපන්ග්ජියෑන්' (Beipanjiang ) ලොව මෙතෙක් නිර්මාණය කොට ඇති උසම පාලමයි.
වසර තුනක කාලයක් මුළුල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූ 'බීපන්ග්ජියෑන්' පාලම පසුගියදා රථවාහන ගමනාගමනයට විවෘත කෙරුණි.
පාලමේ අවසාන අදියරේ ඉදිකිරීම් නිමවුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ දීයි.
පොළොවෙන් මීටර් පන්සීය හැට පහක් ඉහළින් නිමවා ඇති මෙම පාලම ලන්ඩන් නුවර ප්‍රසිද්ධ 'ශාර්ඩ්'(Shard London) ගොඩනැගිල්ල මෙන් දෙගුණයක උසකින් යුක්තයි.
තට්ටු දෙසීයකින් යුතු ගොඩනැගිල්ලක උසට සමාන කළ හැකි මෙම නව පාලම ඉදිකිරීමට වැය කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතළිස් තුනකට අධිකයි.