ලෝකයේ උසම පාලම චීනයෙන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව උසම පාලම චීනයෙන්
Published

දකුණු චීනයේ 'බීපන්ග්ජියෑන්' (Beipanjiang ) ලොව මෙතෙක් නිර්මාණය කොට ඇති උසම පාලමයි.

වසර තුනක කාලයක් මුළුල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූ 'බීපන්ග්ජියෑන්' පාලම පසුගියදා රථවාහන ගමනාගමනයට විවෘත කෙරුණි.

පාලමේ අවසාන අදියරේ ඉදිකිරීම් නිමවුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ දීයි.

පොළොවෙන් මීටර් පන්සීය හැට පහක් ඉහළින් නිමවා ඇති මෙම පාලම ලන්ඩන් නුවර ප්‍රසිද්ධ 'ශාර්ඩ්'(Shard London) ගොඩනැගිල්ල මෙන් දෙගුණයක උසකින් යුක්තයි.

තට්ටු දෙසීයකින් යුතු ගොඩනැගිල්ලක උසට සමාන කළ හැකි මෙම නව පාලම ඉදිකිරීමට වැය කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතළිස් තුනකට අධිකයි.