දකුණු කොරියා ජනපතිනියට එරෙහි විරෝධතා ඉදිරියටම

South Korea

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ
Published

දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් එරට ජනතාව වීදි බැස විරෝධතාවක නිරත වෙමින් සිටිති.

සති හතරක් තිස්සේ පැවැත්වෙන මෙම විරෝධතාවට දහස් ගණන් පිරිස් එක්වී සිටින නමුත් ජනාධිපතිවරිය ඔවුන්ගේ ඉල්ලීම් නොසළකා හරිමින් සිය ධුරයේ රැඳී සිටින්නීය.

මේ අතර ජනාධිපතිවරියට පක්ෂපාතී ආධාරකරුවන් පිරිසක් ඇයට එරෙහිව පැන නැග ඇති උද්ඝෝෂණ වලට සිය විරෝධතාව දැක්වීමට සෝල් දුම්රියපොළ අසළට රැස්වී සිටියහ.

" අපි මේ විරෝධතාවයට එක්වෙලා ඉන්නෙ ජනාධිපතිවරිය අස්වීමට එරෙහිව විතරක් නොවෙයි රටේ ව්‍යවස්ථාව සහ නීතියත් රැකගැනීම සඳහා. ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය ක්‍රියාත්මක වෙන්නෙ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ නිසා කටකතා හරි පුවත්පත් වාර්තා හරි මුල් කරගෙන ජනාධිපතිවරියට තනතුරින් ඉවත්වෙන්න කියන ඒක පිළිගන්න බැහැ" යනුවෙන් ඔවුහු ප්‍රකාශ කළහ.