රුසියානු වෙරළක යෝධ හිම බෝල

A picture of natural snowballs formed in the Gulf of Ob and photographed by Sergei Bychenkov.
Published

ස්වාභාවික ලෙස නිර්මාණය වූ හිම බෝල දහස් ගණනක් සයිබීරියාවේ වයඹ දිග වෙරළ තීරයේදී දැක ගත හැක.

වෙරළ තීරයේ සැතපුම් 11 ක් පමණ දුරක් හිම බෝල විසිරි තිබෙන අතර ඇතැම් ඒවා විෂ්කම්භය අඩි 3 ක් පමණ විශාලත්වයෙන් යුක්තවේ.

A picture showing a smiling woman lying across the snowballs in the Yamal Peninsula

දුර්ලභ පාරිසරික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස යෝධ හිම බෝල නිර්මාණය වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කුඩා අයිස් කැබලි සුළඟ සහ ජලය ඔස්සේ එකිනෙක එකතු වී ප්‍රමාණයෙන් විශාල හිම බෝල නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.