ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දින නවයකට පසු ජීවිතය දකින 'රෝමියෝ'
Published
පසුගියදා මධ්‍යම ඉතාලියේ හට ගත් භූමිකම්පාවට හසු වී විනාශයට පත් වූ නිවසක සුන්බුන් අතර සිර වී සිටි සුනඛයකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වෙති.
සුනඛයාගේ හිමිකරු සමග විනාශයට පත් නිවස වෙත ගොස් ඇති ගිනි නිවන භට කණ්ඩායමට සුනඛයකු බුරන හඬ ඇසී තිබේ.
සුන්බුන් අතර සිර වී සිටි ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයට අයත් 'රෝමියෝ' නමැති සුනඛයාට බීමට ජලය ලබා දීමෙන් අනතුරුව සහන කණ්ඩායම් විසින් සුනඛයා ඉන් ඉවතට ගනු ලැබ තිබේ.
අගෝස්තු 24 වනදා මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවට හසු වී පුද්ගලයන් 290 දෙනකුවත් මරුමුවට පත් විය.