ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලි භුමිකම්පාවේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට
Published
බදාදා උදෑසන මධ්‍යම ඉතාලියේ ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 250 කට ආසන්න වී ඇත.
හදිසියේ ඇතිවූ භූ චලනය අමත්‍රීචේ, අකුමොලින් සහ පෙස්කාරා ඩෙල් ට්‍රොන්ටෝ යන නගර මුළුමනින්ම පාහේ සුන්බුන් බවට පත්කිරීමට සමත්විය.
සහන සේවකයන් රාත්‍රිය පුරා දිවි බේරාගත්තවුන් සොයමින් කටයුතුකරද්දී තවත් බලගතු පසු චලනයක් සිදුවී ඇති අතර දැනටමත් විනාශ වී ඇති ගොඩනැගිලි යළි සෙලවීමට ලක්වූ බවයි වාර්තාවන්නේ.
අම්බ්‍රියා, ලසියෝ සහ මාර්කියේ යන කඳුකර පළාත් තුන ට ද භුමිකම්පාව බලපෑ ඇත.