ඉතාලි භූමිකම්පාව: එකසිය පනස් දෙනෙක් ආගිය අතක් නැහැ

Published

ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව හැත්තෑ තුනක් දක්වා ඉහල ගොස් ඇති අතර තවමත් 150 දෙනෙකු පමණ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

එක් ගම්මානයක් සම්පුර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර මිය ගිය බවට මෙතෙක් දැනුම් දී ඇති සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කෙරෙයි.

මැග්නිටියුඩ් මාපකයේ 6.2ක අගයක් වාර්තා කළ මෙම භූ කම්පනය ඉතාලි වේලාවෙන් අද (24) අලුයම 3.36ට පමණ සිදු විය.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශය පිහිටා ඇත්තේ රෝමයෙන් සැතපුම් හැට පහක් පමණ දුරින් වන ඊසාන දිග භුමි භාගයේ යි.

ඉන් වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරයට යි.