පවුලේ ගෞරවය වෙනුවෙන් තවත් ජීවිතයක්

Samia Shahid
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනයට ලක් වූ විසි අට හැවිරිදි සාමියා ශාහිඩ්
Published

පාකිස්තානයේ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි පවසමින් මරා දැමුණු බවට සැක කරන කාන්තාවකගේ පියා සහ ඇගේ පළමු විවාහයේ සැමියා මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පමුණුවා තිබේ.

එංගලන්තයේ බ්‍රැඩ්ෆොර්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ විසි අට හැවිරිදි සාමියා ශාහිඩ් පසුගිය මාසයේ සිය ඥාතීන් බැලීමට පාකිස්තානයේ උතුරු පන්ජාබයට ගිය අවස්ථාවේ මරුමුවට පත් විය.

Samia Shahid with husband Syed Mukhtar Kazam
ඡායාරූප ශීර්ෂ වැකිය, සාමියා ශාහිඩ් සිය දෙවන විවාහයේ සැමියා සෙයිඩ් මුක්තාර් කසාම් සමග

සාමිගේ ඥාතීන් ඇය හෘදයාබාධයකින් මිය ගිය බව ප්‍රකාශ කළත් ඇගේ දෙවන විවාහයේ සැමියා චෝදනා කළේ ඔවුන් විසින් සිය බිරිඳ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට යැයි පවසමින් මරා දමා ඇති බවටයි.

අවසන් මරණ පරීක්ෂණ වාර්තා අනුව සාමියාගේ ගෙල සිර කොට ඇය මරා දමා ඇති බව හෙළිදරව් වූ බවයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ.

ඒ අනුව අධිකරණය විසින් සාමිගේ පළමු සැමියා මිනීමැරීමේ චෝදනා යටතේද ඇගේ පියා මිනී මැරීමට සහය වීමේ චෝදනා යටතේ ද රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය.