ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණය : 'මෝකා සුළි කුණාටුව දැන් කොහේ ද?
Published
සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.
ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑමක් සිදු කළ 'මෝකා' සුළි කුණාටුව මේ වනවිට මධ්‍යම බෙංගාල බොක්කට ඇතුළු වී තිබේ.
එය මැයි 14 වන විට ගිනිකොණ දිග බංග්ලාදේශ වෙරළ සහ උතුරු මියන්මාර වෙරළ අතර ප්‍රදේශයෙන් එම රටවල ගොඩබිම දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.