ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගේබ්‍රියල් සුළි කුණාටුව: නවසීලන්තයට 'සියවසකින් උදාවූ නරකම කාලගුණ සංසිද්ධිය'
Published
නවසීලන්තයේ උතුරු දිවයිනට දරුණු හානි සිදුකළ ගේබ්‍රියල් සුළි කුණාටුව, "පරම්පරාවකින්" දැක නැති අන්දමේ කාලගුණික සිදුවීමක්බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.
ක්‍රිස් හිප්කින්ස්ගේ රජය එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය නවසීලන්ත ඉතිහාසයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ තෙවන අවස්ථාව යි.
මේ ව්‍යසනය නිසා පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකිබවට අනතුරු අඟවා තිබේ.