ආර්ථික අර්බුදය :පීඩාවට පත්ව ඇති වැඩිහිටි ප්‍රජාව රැකගැනීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ක්‍රමවේදයක් තිබේද?
Published
2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයේ උද්දමනය 94.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහිදී රැකවරණය අහිමි වූ වැඩිහිටියෝ වඩාත් පීඩාවටපත් සමාජ කාණ්ඩයක් වෙති.
ශ්‍රී ලංකාව වැඩිහිටි ජනගහනය වැඩිවන රටක් වන අතර 2031 වනවිට ලංකාවේ රැකබලාගත යුතුවන වයස්ගත ජනගහනය මිලියන 5ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වැඩිම දිස්ත්‍රික්කය කෑගල්ල වන අතර වැඩිහිටියන් අඩුම දිස්ත්‍රික්කය මඩකලපුව වේ.


