ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්ධන අර්බුදය:''QR හොඳයි. තෙල් නෑ..පෝලිම වැඩියි.''
ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR ක්‍රමවේදය අනුගමනය කරමින් පමණක් අද සිට ඉන්ධන බෙදා හැරීමට සැලසුම් කර තිබුණ ද බොහෝ ප්‍රදේශවල තවමත් දිගු පෝලිම් දක්නට ලැබේ.
පවතින ඉන්ධන සංචිතය සියලු දෙනාටම ලබා ගැනීම සඳහා QR ක්‍රමවේදය සුදුසු වුව ද ප්‍රමාදයකින් තොරව ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීමට සහ ලබා දෙන කෝටාව වැඩි කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ජනතාව පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා පැවසුවේ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් සොයා ගැනීම තවත් දුෂ්කර විය හැකි බැවින් දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වෙනස් කිරීමට ද සිදුවන බවයි.