ඉන්ධන අර්බුදය:''QR හොඳයි. තෙල් නෑ..පෝලිම වැඩියි.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන අර්බුදය ; ''QR හොඳයි. තෙල් නෑ..පෝලිම වැඩියි.''
Published

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR ක්‍රමවේදය අනුගමනය කරමින් පමණක් අද සිට ඉන්ධන බෙදා හැරීමට සැලසුම් කර තිබුණ ද බොහෝ ප්‍රදේශවල තවමත් දිගු පෝලිම් දක්නට ලැබේ.

පවතින ඉන්ධන සංචිතය සියලු දෙනාටම ලබා ගැනීම සඳහා QR ක්‍රමවේදය සුදුසු වුව ද ප්‍රමාදයකින් තොරව ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීමට සහ ලබා දෙන කෝටාව වැඩි කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ජනතාව පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා පැවසුවේ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් සොයා ගැනීම තවත් දුෂ්කර විය හැකි බැවින් දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වෙනස් කිරීමට ද සිදුවන බවයි.