හදිසි නීතිය විවාදය අතරේ අරගලය ගැන කියූ කතා
අද (ජූලි 27) නව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තම පළමු කාර්යය ලෙස හදිසි නීතිය පැනවීමේ නියෝග විවාදය සභාවට ඉදිරිපත් කරමින් ප්‍රශ්නකර සිටියේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වයට එරෙහිව කටයුතු කළ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට එල්ලකළ ප්‍රහාරය කුමක් හේතුවෙන් සිදුවුයේදැයි යන්නයි.
අද පැවති හදිසි නීතිය පැනවීමේ නියෝග විවාදයට එක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තම අදහස් ප්‍රකාශකරමින් හදිසි නීතියට පක්ෂව හා විපක්ෂව තම අදහස් පළ කළේය.
"අරගලයේ සිටින දරුවන් පරණ කෝන්තර අමතකකර එකතු වෙලා සමගි වෙන්න.වෙන් වෙන් අරමුණු නිසා ඔබ අතර සමගිය නැති කර ගන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ නව වැනිදා සමගි සම්පන්නව මුළු රටෙම ජනතාව සමඟ කොළඹට නැවතත් එන්න;මේ අරගලයේ අවසන් සටන ජයග්‍රහණය කොට දුෂිත දේශපාලනඥයන්ගේ සහ දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරගන්න කියලා අපි මේ අරගලයේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසීය.


