ජන අරගලය:''රනිල්ට ජනාධිපති ලෙස දවසක්වත් වැඩ කරන්න අපි දෙන්නේ නෑ.''
Published
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරයේ වැඩ කිරීමට ඉඩ නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයකින් ඔහු ධූරයෙන් ඉවත් කිරීමට සටන් වදින බව වෘත්තීය සමිති නායකයෝ ද පැවසුහ.
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිටි අරගලකරුවන් පළවා හැරීමට හමුදාව කළ පහරදීමට සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ, කොටුව දුම්රිය ස්ථානය අසළ සහ ගාල්ලේ අද විරෝධතා පැවැත්වුණි.
