රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත ලැබී ඇත
Published
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ජූලි (15) පෙරවරුවේ නිවේදනය කළේය.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කාතානායකවරයා පැවසුවේ, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (අ) වගන්තිය ප්‍රකාරව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. 2022 ජූලි 14 වැනිදා සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යානුකූලව ඉවත් වී ඇති බවයි."
මෙතැන් සිට නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.



