ඉන්ධන අර්බුදය ; හොරට තෙල් ගහන එක නතර කරන්න වවුනියාවෙන් 'ඇප්' එකක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන අර්බුදය ; හොරට තෙල් ගහන එක නතර කරන්න වවුනියාවෙන් 'ඇප්' එකක්
Published

ඉන්ධන බෙදා හැරීම ක්‍රමවත් කිරීම සඳහා නව 'ඇප් එකක්' හඳුන්වාදීමට වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු වන පන්චලිංගම් තුසිදරන් ක්‍රියා කර තිබේ.

එම 'ඇප්' එක භාවිත කර වවුනියාව දිස්ත්‍රික්කයේ විධිමත්ව ඉන්ධන බෙදා හරිම සති තුනක පමණ සිට සිදු කෙරෙන බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර බීබීසීයට පැවසුවේය.

මෙම ක්‍රමය හඳුන්වාදීමෙන් පසු එක් පුද්ගලයෙකුට සතියකට වරක් ඉන්ධන ලබාගත හැකිය. එමෙන්ම ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන වංචා අවම කර ගැනීමට ද හැකිව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.